මං හරියට කාලගුණේ වගේ. මගෙ හිත ඇතුලෙ මටත් නොදැනිම විවිධාකාරෙ හරි
හරි පෙරලි වෙනවා. පිටට නොපෙන්නා උහුලන් උන්නට ඒ සුබාවෙ මගෙ ඇතුලාන්තයෙ ලොකු විප්ලවයක්
කරනව. වෙලාවක 'සාර' සුබාවෙ, වෙලාවකට දුක්ඛ සුබාවෙ, උපෙක්ඛා සුබාවෙ, මොනවත්ම නැතිවුනොත්
මෙලෝ රහක් නැති සුබාවෙ. ඕක ඉතින් කෙලි ගතියමත්
නෙවේ,
මනුස්ස
සුබාවෙ.
හිකිස්
ගාල
හිනා
ගියාට,
තමංගෙම
හිත
ඇතුලට
කාටත්
හොරා
රිංගල
බැලුවොතිං,
හැමෝම
ඔහොම තමයි. මගෙ 'බුද්දිමත්', 'විද්දියා
විසාරද'
අදහසට
අනුව,
මට
හිතෙන්නෙ
ඔය
පෙරලි
වලට
සහසුද්දෙන්ම
හේතුව
එක
එක
මනෝ
පෙරැලි.
මටත්
එක
එක
වෙලාවට
තියනෝ
එක
එක
මනෝභාව.
ඒ
ටික
අහගන්න
වෙන්නෙ
ඉතින්
මං
වටේ
ඉන්න
ඈයොංගෙන්
තමා.
හරි ඉතින්... මං කියන්නෙ
මගෙ
මනෝ
පෙරලිවලයි,
පාට
හීන
වලයි
සහසම්බන්ධෙ
ඕං..... ඔයාකාරෙ
එක
එක
මනෝභවෙ
හිතට
ගොඩවෙලා
විප්ලව
කරද්දි
මගේ
සුබාවෙ
වෙනස්වෙන
එකට
වටේ
පිටේ
එව්වො
පලි
නෑනෙ
කියල
මට
තේරුනෙ,
අපේ
ගෙදර
මනුස්සයො
සහ 'the ගෙදර
මනුස්සය
වෙන්න
ඉන්න
මනුස්සය'
ඕකට
විරුද්ධව
චෝදනාපත්
ඉදිරිපත්
කරාට
පස්සෙ.
ඉතිං
මේ
මගෙ
විසඳුම.
පාට
හීන
විදියට
එලියට
එන්නෙ
ඒ
මනෝභාව
තමයි.
ඕං අහගන්නකො මං හීන
වල
ගාපු
පාට
ගැන.
මං වෙලාවකට ඕං පට්ට
ආදරණීය
වෙනව.
කොටිංම
කිව්වොත්
රොමෑංටික්.
හරියට
රූමැටික්
හැදිච්ච
ගානයි.
එතකොට මට තියෙන්නෙ
නිල්
පාට
හීන.
ආදරේ
ගැන
හීන
නිල්
පාට
වුණේ
කොහොමද
හිතුනොත්
ඔයාට,
ඒ
ආදරේ
අලුත්ම
පාට
නිල්
හින්ද
නෙමෙයි
අයියො...මං
ආආආආසොම
පාට
නිල්
හින්දා.
වැඩියක්ම
ඉතින්
මගෙ
හීන
නිල්
පාට
තමයිලු
ඈ...
වෙලාවකට නොදැනිම මගෙ කෙලි
ගති
මතුවෙලා
එනවා.
ඇඳුම්
එකතු
කිරීම,
බලු-පූස්-දරු
පැටවුන්
දකින
කොටම
'අන්න්න්නා
ස්වීට්'
කියා
මැරෙන්නට
හැදීම,
කැරපොත්තන්ට,
හූනන්ට
බයේ
මරලතෝනි
දීම
වගේ
'කෙලීලීලීලී
ගති'
නැති
උණාට
මටත්
ඔය
සමහර
සමහර
කෙල්ලො
ගති
තියෙනව.
ඒ
හීන
මට
රෝස
පාටයි.
මං ඉගෙන ගන්න දේ හින්දා වෙන්නැති මට
වෙලාවකට
පරිසරේ,
මහපොළොව
ගැන
කල්පනා
එනවා.
මිනිස්සු මහ පොළොවට කරන දුෂ්ටකම් ගැන කෑගහල කියන්න හිතෙනව.මං ඒව ලියනව. මං ඒ හීන පාට
කළේ කොළම කොළ පාටින්.
මට වෙලාවකට තියෙනව සුදුම
සුදුපාට
හීන.
සමාජෙ
ගැන,
අම්ම
තාත්ත,
සහෝදරී
ගැන,
යාළුවො
ගැන,
පිං
පව්
ගැන,
වගකීම්
ගැන
සිතිවිලි
එනව.
ධාර්මික
වෙන්න
හිතෙනව.
'මේ
රට
මගෙ
රට,
මා
ඉපදුනු
රට'
කියලා දේශප්‍රේමී හැඟීම්
පහල
වෙනව.
ඒක
ටිකක්
miscellaneous හින්දා මං ඒ හීන වල සුදු පාට ඇතිල්ලුව.
ඔක්කොමත් හරි, මට වෙලාවකට අම්ම මෝ
නැතුව
කේන්ති
යනව.
වෙලාවකට
දුෂ්ට
හිතුවිලිත්
එනව.
හප්පොයි
ඒ
බැල්ම
මෙයාගෙ....
ඉතිං
දෙයියනේ
මාත්
සියලු
කෙලෙස් ප්‍රහීනය කරල
අරිහත්
මඟට
එළඹිලා
නෙමෙයිනෙ.
සාතන්ගෙ
පාලනයට
යටත්
උනු වෙලාවක මං නොදැනිම ඒ හීන
වල
කට්ට
කළු
ගාල.
ගාල
නෙමෙයි,
උලල.
ඔයාකාර හීන දකින්නැති අනිත් වෙලාවල
මට
පේන්නෙ
මෙලෝ
රහක්
නැති,
පාටක්
නැති
හීන.
ඒව
තමයි
මාව
බැලන්ස්
කරන්නෙ.
මගෙ
හැඟීම් neutralize කරල
මට
විවේකයක්
හොයල
දෙන්නෙ.
ඒ
නිසා
ඒව
නොසලකා
කෝමද...
ඉත්තිං ඔයාකාර දේදුනු පාට
හීන
කන්දරාවක්
එකතු
වෙල
මට
ජීවිතේ
ගේනව.
මට
හිනාව,
වෙලාවකට
කඳුළු,
තරහ,
ආදරේ
අරන්
එනව.
ජීවිතේ
ලේ
පාට
හැදෙන්නෙ
ඒ
සේරම
පාට
එකතු
වෙලා.
මේ
බ්ලොග්
පිටුව ලේ පාට හීන වුණේ ඒ හින්දයි.
හීන දකින්නට
ReplyDeleteහීන විදින්නට
පාට උලන්නට
හරි ආසයි මට
නෙත් දෙක ඇරගෙන
දුටු ඒ හීනෙට
පාටක් දෙන්නට
තාමත් බෑ මට
දැන්නෙ දන්නෙ...
ReplyDeleteඑක අතකට ඉතිං අපි ඔක්කොම ඔය වගේ තමා නේද? පාට විතරයි වෙනස් පොඩ්ඩක් හරි...
හී හී... මගෙ හීනනම් පාට හොයාගත්තෙ ඔහොමයි ඉතිං
Delete