උදේ වරුව.., පාර හරි
කලබලයි.
මං
ඔපීසි
වෑන්
එකට
නගින්න
ටිකක්
දුර
(ටිකක්
කීවට
ටිකක්මත්
නෙමෙයි,
යනවා
යනවා
ඉවරයක්
නෑ)
පයින්
යන්ට
ඕනි.
උඩ
බල
බල,
වටපිට
බල
බල,
ඒ
අව්
අස්සෙ
ඔරලෝසු
කටුව
දිහාවෙත්
බලාගෙන
දුවන
(හරියටම කිව්වොතින්.... පෙරලෙන)
ගමන
මගෙ.
සමහර තැන් වල ඇස් බිමට අලෝගෙන කන් අකුලගන්න
වෙනවා.(තමන්
තමයි
පාරෙ
දෙයියො,
තමන්ට
උවමනා
දෙයක්
කරන්න, කියන්න
පුලුවන්
කියල
හිතන ත්‍රීවීල් මහත්තුරු
ඉන්නවනෙ
මඟ
දිගට. - ඒ
ගැන
පස්සෙන්
පහු
කතා
කොරන්ට
ඕනී).
සමහර
තැන්
වලදි
බිම
නොබැලුවොත්
විනාසයි.
අලි
නාවන
තඩි
වලවල්,
ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් කුණු
මලු.
පෑගුණොත්
ඔපීසි
යාම
බොරු.
සමහර
තැන්
වලින්
නහය
වහගන්නත්
ඕනි.
ඒ
තරං
කුණු
මලු
වල
සුවඳ.
නගර සබාවෙ කුණු ලොරිය
එනකල්
ගේට්ටුවෙ
එල්ලන
කුණු
මල්ල
ගැන
නෙමෙයි
මේ
කියන්නෙ.
වටපිට
බලලා
කවුරුවත්
නැති
තැන
'මෙහි
කුණු
දැමීම
තහනම්-අණ
පරිදි
නාගරික
කොමසාරිස්'
බෝඩ්
එක
උඩටම
කුණු
මල්ල
විසි
කරන
ඈයො
ගැනයි
මට
කියන්න
ඕන
වුණේ.
මේකට
පරිසරවේදියො
(ඒ අපි හරිය...) කියන්නෙ NIMBY
syndrome කියලා. Not In My Back Yard. සුද්ද සිංහලෙං
කිව්වොත්
'මගෙ
උණාට
කුණු,
අන්තිමේ
මගෙ
මිදුල ආවොසම්
ලැවල්
එකේ තියෙන්ට
ඕනෙ,
අල්ලපු
ගෙදර
එකා,
එහෙම
නැත්තං
මහපාර
මගෙ
කුණු
උහුලපුවාවෙ
කියල'
යි.
රිදී හැන්ද කටගහන් උපන්න
කිව්වට,
ලස්සෙට
කොඩි
දාල
උන්නට
ලංකාවෙ
වැඩිහරියක්
'මිනිස්සුංගෙ'
හිත්
වැඩ
කරන්නෙ
ඔය
හැඟීමෙන්
තමයි.
ඕක
වැඩියක්ම
පේන්නෙ
මිනිස්සු
එක්ක
වැඩ
කරන්න
ලැබුනම.
කන
බොන
ඕනිම
දෙයක්..කෑම
කටේ,
දවටනේ
එතනම
බිම.
අවුරුදු
තුනහමාරක්
මං
මාතර-කුරුණෑගල
දුර
කෝච්චියෙ
පැද්දා.
කඩල,කෙටි
කෑම,සීයට
හතරේ
ඇපල්
ටිකේ
දවටනේ
ඉඳන්
තැඹිලි
කෝම්බෙ
වෙනකල්
සබ්බ
සකලමනාවම
ජනේලෙන්
එලියෙ.
ලොකුම
ප්‍රශ්නෙ වතුර
බෝතල්.
කෝච්චියෙ ඉහේ කෙස්
ගාණට
සුද්දොනෙ.
ඒ
ඈයො
අපූරුවට
කන
බොන
සේරම
ටිකේ
දවටන
මල්ලකට
එකතු
කරල,
ගමනෙ
අවසානෙ
කෝච්චි
ඉස්ටේසමේ
කුණු
බාල්දියකට
දානවා අපූරුවට. අපේ යක්කු ඒක දිහා බල බල කුණු ටික එහෙම්මම බිමට අතරිනවා. (ළඟටම
ගිහින්,
හරියට
ඇරල,
කුණු බෑග් එක ගාණට
ඇතුලට
දානව
සුදු
මහත්තුරු.
අපේ
මෑන්ස්
ලා
දාන
එකත්
එල්ලය
බලා
විසිකරලා
අන්තිමේ
කුණු
බාල්දිය
බොම්බෙ,
කුනු
ටික
කල්කටාවෙනේ).
සමහර වෙලාවට මූණෙන් මූණ
බලං
යන
ගමනෙ
ජනේලෙං
එලියට
කුණු
හලනව
දැක්කොතිං
මං
දුෂ්ටයට
පේන්න
මූණට
ලොකු
රැවිල්ලක්
අරගන්න
පුරුදු
උනා.
නැත්තං
එයාලට
පේන්නම
මං
කන
බොන
දේක
දවටනේ,
හිස්
වතුර
බෝතලේ
බෑග්
එකට
ඔබාගන්න
පුරුදු
උනා.
ඒත්
ඉතින්
ඕක
තේරුං
ගන්න
පුලුවං
මොළයක්
ඇති
එව්වො
මට
හම්බුනෙනෑ
අතේ
ඇඟිලි
ගාණටවත්.
අනික්
සුවහසක්
සිරි
ලාංකික
ජනතාව
අනේ
දෙයියනේ
හරි
අපූරුවට
ඉතුරු
කුණු
ටිකත්
දමපි
ජනේලෙං
එලියට.
මං
ඉතින්
කටට
එන
සොඳුරු
වදන්
ටික
හිර
කරගෙන
පුපුර
පුපුර
මගෙ
ලේ
පයින්ට්
එකක්
දෙකක්
පුච්චගන්නවා.
සමහරුන්ට කෑමට ගියාම ටිෂූ තමා
ඉෂූ
එක.
කන්න
කලින්
අත
හෝදලා
අත
පිහින්න
එකයි.
හෝදල
තියෙන
පිඟාන
පිහින්න
එකයි.
කන
අතරෙ
ටේබල්
මැනර්ස්
එක්ක
කටේ
ඉඳුල්
පිහින්න
එකයි.
කාල
හෝදපු
අත
පිහින්න
දෙකයි.
මෙව්ව
බලං
ඉඳලා
තනි
ඇහැට
ඇඬිලා
ඇඬිලම
මගෙ
දැන්
එක
ඇහැක්
විතරක්
කොම්ප්ලීට්
ක්ලියර්
අම්මපා.
යකූ
මෙව්ව
එන්නෙ
කොහෙන්ද,
යන්නෙ
කොහෙටද
කියල
සූට්ටක්
හිතන්නෙපැයි.
මෙව්වා
වෙන
වෙනම
කතා
කරන
එක
හොඳයි
හිතෙනව.
විහිලුවෙන් කිව්වට ලිව්වට
මෙව්ව
හෙන
සීරියස්
කාරණා.
මහපොළොවටත්
දරන්න
පුලුවන්
සීමාවක්
තියනවනෙ.
ඒ සීමාව ඉක්මවල යන දවස වැඩි ඈතක නෙමෙයි. එදාට මහපොළොව දක්වන ප්‍රතිචාර වලට
මූණ
දෙන්න
අපිට
පුලුවන්කමක්
තියෙන
එකක්
නෑ.
පස්සෙ
ලිපි
වලින්
වැඩිපුර
විස්තර
කියන්නංකො.
අරටු බැහැපු මිනිස්සුන්ට මේ
කොළ
පාට
හීන
තේරුම්
කරවන
එක, ඒත්තු
ගන්නන
එක
කරන්න
අමාරු
වැඩක්
නෙමේ,
කරන්න
බැරි
වැඩක්.
මේ
ලියමන
කියවන
පෙරපාසල්,
පාසල්,විස්ස
විජ්ජාල
ගුරුතුමෙක්නං
ඔයා,
හොඳ
අම්ම
තාත්තෙක්නං
පුංචි
පැටවුන්ට
කියන්න
මේ
ටික.
උන්ට
පුරුදු
කරන්න
එක
පාරක්
දෙපාරක්,
හරියට
කුණු
ටික
නිසි
තැනට
දාන්න,
ටොෆි
කොළයක්වත්
බිමට
නොදා
ඉන්න.
කෝටි
ගාණක්
මිනිස්සු
උස්සන්
ඉන්න
මහපොළොවත්
අම්මෙක්
විත්තිය
උන්ට
උගන්නන්න
එකපාරක්,
දෙපාරක්.
හොඳටම
ඇති...ඒ
අපේ
හෙට
දවස.
උන්
ඒක
හදවතින්
තේරුම්
ගත්තු
දාක
මහපොළොවට
හෙටක්
තියෙයි.
Superb!!! A must read by every Sri Lankan
ReplyDeleteThanks & It should be buddy.
DeleteThis comment has been removed by the author.
DeleteKawadaa thereida ape minissunta.... Write more my friend!
ReplyDeleteමේ දතකන්නෙ ඒ ටික දැන්වත් තේරුම් කරවන්න තමයි යාළු.
Deleteකාලෙට ගැලපෙන ලිපියක්..පිලිවෙලකට කුණු ටික එකතු කරන්නෙ නැති ආයතනත් මේකට වගකියන්න ඕනෙ.
ReplyDeleteජයවේවා..!!