Wednesday 6 April 2016

මට තිබුණෙ ආදරේ නොකියම මියැදෙන්න

එපා එපා කියන රතු එළි
එක සීරුවට නිවි නිවී ඇවිලෙද්දි
මට ඕන වුණේම
ඒ දාරුමය පපුවට ඇලවෙන්න.

ගැලවෙන්න මං තියෙද්දිත්
හිත කිව්වෙ ඒ ගිනි දැල්ලටම පිච්චෙන්න.

ගෑණු ඉව මගෙ මොර දෙද්දි
නොහිතම ඒ,
මං හිතුවෙ ඒ බර උරහිස යට
ඇඳ ඇතිරිල්ලක් වගේ පොඩිපට්ටම් වෙන්න.

කල් යද්දි,
නුඹ හිතට ආදරේ පිළුණු වෙද්දි
මං පෙරලි කර කර ඉල්ලුවෙම,
එද්දි අර ඉස්සර
දෙතොල් ගිනි තියන හාදු
මතක ඇතුව අරං එන්න.

බොර පාට ඇස් යට කලු පාට උලා
ඇස් කොණ බර කඳුළු ගෙඩි එල්ලලා,
පිටමං වුණු දා නුඹ
මට ඉතුරු වුණෙ
සුසුමෙන් ජීවිතේම ගිනි තියන්න,
ඒ ගින්නෙම පණ පිටින් ඇවිලෙන්න.

අපරාදෙ...
සත්තයි මට තිබුණෙ
නොකියම නුඹට ආදරේ, තියන් පපුවෙම
පිපිරිල මියැදෙන්න...

7 comments:

  1. ජීවුතේ හරි පුදුමයි නේද...? දැන දැනම වලේ වැටෙන අපි ඒ වලටම වෙලා පැණිකාලා පැණි ඉවරවුනහම වලට වැටුනෝ කියලා කෑ ගහනවා.

    බ්ලොගය වටේ පොඩි රවුමක් ගියා.අපූරු බ්ලොගයක්. හැමදේම කලවංවුන රස හත්මාළුවක්.දිගටම ලියන්න. අපි එන්නම් ඒවා බලන්න.කමෙන්ටුවක පල නොකල හැකි බ්ලොගය ගැන අදහසක් තියනවා කියන්න.පුළුවන්නම් මේ ලිපිනයට මේල්ලුවක් එවන්න. ඒ මාර්ගයෙන් අදහස යෝජනාව කියන්නම්.
    dimuthusomnas8@gmail.com
    ජයවේවා.....

    ReplyDelete
  2. ආදරේ සම්බන්ධ මාතෘකා වලදි මිනිස්සු ඒම තමයි කටුස්සා. විඳවිල්ල අපායක් බව දැන දැනත් මිනිස්සු ඒ විඳවිල්ලමයි හොයන්නෙ..හේතුව ඒ වේදනාව ඇතුලෙත් විඳිල්ලක් තියනව.
    I will mail you.
    ස්තුතියි ආධුනිකයෙක්ගෙ බ්ලොගයකට ප්‍රතිචාර දැක්වීමට ඔබේ කාලය වෙන්කිරීමට.

    ReplyDelete
  3. වෙනස් කවියක්.. දිගටම ලියමු..

    ඒක නෙමෙයි ලේ, මේකෙ ෆලෝවින් ගැජට් එකක් නැහැ නොවැ.. එහෙම එකකුත් තිබ්බ නම් දිගටම ලිපි කියවන්න එතැහැකි..!

    ReplyDelete
    Replies
    1. ගැජට්ටුව අමුණාගත්තා. (හා හා හා...සතුටින් ඉපිලී යමින්.)

      Delete
  4. තැන්කූ වේවා වැසි දැරිය.. අවංකවම කිව්වොත් මං තවම හෝඩියෙ, සරලවම කිව්වොත් බ්ලොග් ගැන දන්න දෙයක් නෑ. ගැජමැටික් අමුණගන්න දන්නෑ. හොය හොය තමයි කෑලි ඇමිනෙන්නෙ. අනිවාර්යයෙන් ඇතුලත් කරන්නම්. ඒක පෙන්නල දුන්නට, ආයෙමත් ස්තුතියි.

    ReplyDelete
  5. මං අද හරිම අහම්බෙන් මේ පැත්තට් ආවෙ.. කමෙන්ට් එකක් දැකලා මේ කවුද කියලා බලන්නයි ආවේ..

    හරිම වෙනස් කවියක් මේක. මම කැමතිම විදියෙ කවියක්.. හරිම ආසාවෙන් මේ කවිය කියවන්නෙ..

    "අපරාදෙ...
    සත්තයි මට තිබුණෙ
    නොකියම නුඹට ආදරේ, තියන් පපුවෙම
    පිපිරිල මියැදෙන්න..."

    මේ කොටසට තමයි කැමතිම.. දිගටම ලියන්න..

    මගෙ බ්ලොග් රෝලෙත් එල්ලගත්තා ඔන්න.. දිගටම එන්නම් මේ පැත්තෙ!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ. සතුටුයි ඔබේ ඇගයීම ගැන. අහම්බෙන් අපි හමු වුණු එක අරුමයක් නෑ. මං අලුත් මේ පැත්තට. දිගටම හමුවෙමුකො.

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...