දන්නැති වැඩක් අහගන්න මං ඔන්න මගේ ලොක්ක ළඟට යනෝ. එතුමට ඒ අංශෙ අදාල නැති හින්දා මාව අදාල තැනට යොමු කරනව, "අහවලා යාලුවෙක් නේද.. එයාගෙන් අහමුද පුතා" ඒ අපේ සෑර්.
'අහවලා යාලුවෙක් නේද' කෑල්ල මට එච්චර දිරෙව්වෙ නෑ, ඉන්සල්ටිං වගේ මට දැනුනෙ. සමහරවිට එතුම එහෙම අදහස් කරන්නත් නැතුවැති. ඒ වුණාට මට අවුල් ලු ඔන්න.
ඉතිං කට ඉස්සර වෙච්චි.
"මාත් එක්ක හිනාවෙලා කතා කරන හැමෝම එක්ක මං යාලුයි සර්. මූණවත් නොබලන අයත් එක්ක යාලු නෑනෙ, යාලු වෙන්න බෑනෙ"
කිව්වෙ ඔහොම. හිතේ තිබ්බෙ ඉතිං අහවලා විශේෂයක් නෑ සර්, මං එක්ක මනුස්ස පාටට ඉන්න ඔක්කොම ඈයො එක්ක මං සුහදව ඉන්නව, හැබැයි මට තොරං පෙන්නන ඈයොන්ගෙං මං තොරණෙ විස්තරේ අහන්න යන්නෑ කියනෙක.
"....(මගෙ නම )ත් හොඳ කටර් එකක් නේද ආ.."
ඕං අහගත්ත හරිය.
ඇත්ත කියනෙක 'කටර්කොමක්'ද මං අහන්නෙ..? ඇත්තනෙ කිව්වෙ මං ඉතිං.
පූසා වගේ සද්ද නැතුව හිටිය කෙල්ලද යකෝ මේ කියල එතුම හිතුවද දන්නෑ... විලි ලැජ්ජ හතයි මට එකතැන.
මං ඉතිං තවත් මුකුත් නොකිය එතනිං ආව.
ඒ කිව් ටිකනෙ, මේ නොකිව් හරිය... හිතෙං කුටු කුටු ගගා මටම කියාගත්තු හරිය.
කටර් එකක් කියල අදහස් කෙරුවෙ මල් පෙත්තක් වගේ සියුමැලි, හාවෙක් වගේ අහිංසක නෑ කියලද සර්..?
අනේ මං හැමවෙලේම අහිංසක නෑ සර්... මං බොරු අහිංසකකං පෙන්නන්න යන්නෙත් නෑ. අහිංසකකමට මේ ලෝකෙ පැවැත්මක් නෑ සර්.
හාවොයි, කොටියොයි දෙගොල්ලොම කැලේ ඉන්නවනෙ නේ..? කවුද වැඩි කාලයක් ඔලුව බේරං ජීවත් වෙන්නෙ../ කොටියනෙ සර්.
අහිංසක වුණාම මිනිස්සු ඔලුවට අත හෝදනව සර්. විසේසෙං කෙල්ලො අහිංසක වුණාම, ලෝකෙ ජීවත් වෙන්න බෑනෙ සර්.
නයා වුණත් වුවමනා තැනදි පෙනේ කෙරුවෙ නැත්තං ගෑනු දර මිටි බඳින්න ගන්නව කියල සර් අහල නැතුව ද...
මේක ඉතිං එතන කියා ගන්ට බෑනෙ, තව ඉවැලුවේෂන් පාර්ට් එක ඉවර නෑනෙ.. හික් හික්.
u, jsldr yela yela
ReplyDeleteDeshaka's language. Yela yela
Deleteඇතැම් කාන්තාවන් වහා ගිණිගන්නාසුළුයි. ලේ.පා.හී ත් එහෙමද දන්නෑ මොලේ..
ReplyDeleteහෙහ් හෙහ්..
ජයවේවා..!!
ඒකනං හරියටම හරි ගස්... හැබැයි ගිනි ගත්තට වඩා ඉක්මණට නිවෙනව. හැක්
Deleteඉවැලුවේෂන් ලොක්කන්ගේ අවිය
ReplyDeleteNo Ivaan..I am in a training. Training period of university schedule for few months. So evaluation is a must. Sorry for the language..
Deleteoops , sorry .... yeah then it is a must .
Delete:)
ReplyDeleteIan
:) Ian maame
Deleteමලා ! මඩුවෙ තියෙන දර මිටි කුස්සියට විසි කරන්නේ මමයි. පෙනේ නොකරපු එවුන් ඉදියිද ? හහ්..
ReplyDeleteජයවේවා !!!
ඉන්ට පුළුවන් දුමියා. බය වෙන්ට එපා, එවෙලෙ පෙණේ කරල නෑනෙ, සිල් අරන්. ඔයාටත් ගින්නක් නෑ.
Deleteඒක ලොක්කගෙ දැක්ම
ReplyDeleteමේක ඔයාගෙ දැක්ම
අපි දෙගොල්ලම ඉස්සරෝම කරන්නෙ පිටිං බලල ගෙඩිය හොදයි කියල හිතන එක නේද. ගත්තට පස්සෙනෙ දන්නෙ මොන වගේද කියල ඒ වගේ තමා හුගක් අය අර කතාවක් තියෙයි නෙ පොතක කවරයක් දිහ බලල පොත ගැන විනිශ්චය කරන්න එපා කියල පුද්ගලයන්ට සම්බන්දවත් ඒක අදාලයි මම හිතන්නෙ
මංද මට හිතුණෙ ඔහොම
/අපි දෙගොල්ලම ඉස්සරෝම කරන්නෙ පිටිං බලල ගෙඩිය හොදයි කියල හිතන එක නේද. ගත්තට පස්සෙනෙ දන්නෙ මොන වගේද කියල/
Deleteමේකනං ඇත්ත මහේෂ් අයියා..
එනිවේ, මං අවවාදයක් ගාණට ඔයාගෙ කොමෙන්ටුව හිතට ගන්නම්කො.
This comment has been removed by the author.
ReplyDeleteඔයාටත් වෙන වැඩ....
ReplyDeleteකියල වැඩක් නෑ නිර්මාණි. හැබැයි ඇත්තනං කියන්න සිද්ද වෙනව.
Delete//හොඳ කටර් එකක් //
ReplyDeleteකටත් ඕනේ වෙන වෙලාවල් තියෙනවා..
ඇත්ත ලලිත්. හැම වෙලේම අහිංසක වෙන්න බෑ... කටත් ඕනෙ ඔලුව බේරගන්න. හැබැයි අවස්ථානුකූලයි.
Deleteබොරුවට අහිංසක වෙනවට වඩා ඔහොම ඉන්න එක හොඳයි නේද?
ReplyDeleteහැම වෙලේම හාව වෙලත් බෑ...හැම වෙලේම කොටිය වෙලත් වෙලත් බෑ හැබැයි නේද සිතූ... බොරු මැවිලි නං නෑ ඉතිං.
Deleteඅහිංසක ඈයෝ තමා යටි නුලෙන් ගේම දිලා හදිසි වෙසක් පෙන්නන්නේ...හැක් ඕන තැනදි අවැසි දේ කතා කරලා කට පියන් තමන්ගේ වැඩේ හරියට කරන ඈයෝ කොහෙත් එක විදිහයි කියලයි මට හිතෙන්නේ
ReplyDeleteඔන්න බලන්න සපෝර්ටර්ස් ලා. ඒනං මං කරපු දේ හරිනෙ. ඇත්ත කිඹුලි. /ඕන තැනදි අවැසි දේ කතා කරලා කට පියන් තමන්ගේ වැඩේ හරියට කරන/ මේකනෙ වෙන්න ඕනෙ
Deleteඔන්න ඔහේ ඕන එකක් කියලා කියලම බලන්න තිබුනේ හිත හිතා හිටිය ටික.
ReplyDeleteබෑනෙ දිනේෂ් අයියා, මොනා වුණත් මට වැඩිමල්නෙ. වයස ගැන හිතන්නෙපැයි මොනා වුණත්, වැඩිහිටිකමට ගරු කරන්නෙපැයි. සාමාන්‍යයෙං මං ඒක සලකනව.
Deleteඅනික මගෙම ඉමේජ් එකත් රැකගන්ට එපැයි... නැද්ද මං අහන්නෙ.
ෆුග්...
ReplyDeleteමොකෝ තා ෆුග් කියන්නෙ? පාඩම් කරපියෝ....
Deleteමලයා පාඩම් කරහන් විභාගය ලග නේද
Deleteහපෝ training. අපේ වැඩ බලන්න හිටියෙ ඩොකෙක්. පාඩුවෙ වැඩ කරගෙන හිටියෙ ඒත් පස්සෙ එපාම උනා.වලි නොදා හිටියෙ බොහොම ඉවසීමකින්. ඕනවට වඩා අහිංසක වෙලත් බැහැ,කෑ ගහල රණ්ඩුවට ගිහිනුත් බැහැ ඒකත් එක්තරා මැදුම් පිළිවෙතක් ;)
ReplyDeleteඇත්ත හංසි. මැදුම් පිළිවෙත කෝකටත් අගෙයි
Deleteඑක වචනෙකින් දෙකකින් පුළුවන් කෙනෙකුට තව කෙනෙක් හිතන් ඉන්නා ප්‍රතිරූපය වෙනස් කරන්න. එත් හිතින් මුලින්ම ප්‍රතිරුප මවා ගන්නේ පිටින් පෙන ස්වාභාවය අනුවනේ, ඔය පුරවා නිගමනවලට එලම්බිල්ල මනුස්සයෝ ගැන සෑහෙන්න දුරට වෙනස් කරන්න වෙනවා පසු කාලෙනව, හැක් මොක උනත් ලොක්කනේ, තැනෙ හැටියට අනේ ගහගෙන ඉන්න තියෙන්නේ :D
ReplyDeleteසහතික ඇත්ත සොමියා... එක වචනෙකින් සම්පූර්ණ ඉමේජ් එකක් නැතිවෙන්නත් පුලුවන්, ඇති වෙන්නත් පුලුවන්. මං ඇවිත් ඉන්නෙ වවුලගෙ ගෙදරනං එල්ලිලා ඉන්න වෙනවනෙ නේ?
Deleteකතාව කියාගෙන යද්දි මටත් මතක් වුණේ අර දරමිටි කේස් එකම තමා... මං ඕක අපේ ගෙදරඋන්දැටත් කියනවා........ තව ඕකටම ගැලපෙන කතාවක් තියෙනවා මෙන්න මෙහෙම
ReplyDelete//හිතහොද ගෑණි හැමදාම බඩින්//
ලියද්දි මට ඔය උපහැරණෙත් මතක් වුණා කුරුටු....
Delete64 න් එකක් දාන්න තිබ්බා හැක හැක
ReplyDeleteහැට හතරක්මනෙ සලිත.. එවෙලෙ හදිස්සියට කෝකද කියල හිතාගන්න බැරි වුණා... හිකිස්
Deleteමම යාළු කෙල්ලට ඒ කියන්නේ "සුදුට"මම ඒ දවස්වල කිව්වා මම කැමති වුනේ ඔයාගේ අහිංසක කමට කියලා.ගත් කටටම මෙයා කියාපි "අනේ මේ මම අහිංසක නැහැ" කියලා.
ReplyDeleteඅන්න පේනවනෙ, කෙල්ලො බොරු කියන්නෑ... අහිංසක වෙන වෙලාවලුත් තියෙනව ඉතිං. සුදූට කියන්න ග්‍රේට් කෙල්ලක් කියල. බොරු මොකටද, ඇත්තම කියල දාල.
Delete