නුඹේ ඇස් වලට එබෙමි, අගින් සිහින්ව
ගිය
දිග
ඇස්
වලට
එබෙමි.
"දිගා....යි ඇස් ඔයාගෙ, කෙල්ලෙක්ට ශෝක්."
නුඹ
කෝප
ගන්වනු
රිසින්
කොලොප්පම්
කරමි.
"ඇත්තද...? මේක් අප් කරන්න දෙන්නද ඇස්
දෙක
ඔයාට..?"
නුඹ
සිනාසී
අසයි.
නුඹ
තරහ
ගන්නේ
කලාතුරකිනි.
(වයසට
නොයන්නේද
ඒ
හින්දාම
වන්නට
ඇත.)
නුඹ
අවුස්සා
මට
සිනාසෙන්නට
ඉඩ
නොදෙන
නුඹ
ඇත්තටම
හරි
අසාධාරණ
පෙම්වතෙකි
යි
කියමි.
මං නුඹට සිලිබිලියාගේ කතාව
කියමි.
සිලිබිලියා
කවුදැයි
අසන
තැනට
එද්දී
නුඹ
තොල්
තරව
පියාගෙන
ඇසින්
මට
සිනාසේ.
"ඔයා එක්ක බෑ අප්ප..." මං
කෝප
වෙමි.
ඇත්තටම
නුඹ
හරි
අසාධාරණ
ය.
බලා ඉමි. නවකතාවක, සිතුවම්පටක බොළඳ
පෙම්වතෙකු
සේ
නුඹ
ආදරය
කරන
තුරු
බලා
හිඳිමි.
වරු
ගණන්
දුරකතනයේ
එල්ලී
පෙම්
බස්
දොඩන්නට
බලා
ඉමි.
හැමදා
මේ
ඇස්
මානයට
නුඹ
එනතුරු
මඟ
බලමි.
ඒත්
නුඹ....ගොළුවෙකු
සේ
හිඳී.
"දොයිමතයි අයියො.." කියා
දුරකතන
අත
තියාගෙනම
නිදන්නේ
ය.
ඇත්තමයි
නුඹ
අසාධාරණ
ය.
ඒත් පසුදා හමුවන්නට පිඹුරුපත්
හදන්නේද
නුඹය.
ඉඩ
ලැබෙන
ඇසිල්ලේ
විගඩම්
කෙටි
පණිවුඩ
එවන්නේද
නුඹමය.
යතුරුපැදියේ
පහුවෙන
සැතපුමක්
ගානේ,
රිය
පෙරහැර
නවතින
පාට
නියොන්
එලි
ගානේ
මගේ
අත
උදුරාගෙන
සිඹින්නේද
නුඹමය.
නෝක්කාඩු
අමතක
වෙයි.
"කෝලමක් අනේ...ඇයි වදේ.."
මේම
මං
නෝක්කාඩු
කිව්වාට
ඒ
නුඹේ
පෙම
වග
හොඳාකාරව
දනිමි.
මං
නුඹට
වහ
වැටෙන්නේත්
මේ
කෝලං
හින්දාදෝ
සිතමි.
ඒ
නුඹ
පෙම්
කරන
හැටි
ය.
'ආදරේ
පෙන්නන්න
දන්නැති
ගල්
ගෙඩිය.."
නෝක්කාඩු
කියා
මං
සියලු
චෝදනාපත්
ඉල්ලා
අස්
කරගනිමි.
හිත සැනසේ.. නුඹ ළඟ
ඉන්නවානම්
මගේ
හිත
අපමණක්
සැනසේ.
නුඹ
හමුවන
සැඳෑව
මගේ
දිනයේ ප්රියතම
නිමේෂය
යි.
තඹ
පාට
රාස්සිගේ
අව්ව
යට
හීන්
සීරුවේ
නුඹේ
බර
අතට
වාරු
වෙමි.
ඒ
මගේ
මොහොතයි.
ජීවිතේ
වසාගත්
වෙහෙස.
දුක්
දොම්නස්
අමතක
කර
සිනාසෙමි.
ගස්
අස්සෙන්,
ගල්
පාමුලින්
එබී
තරවටු
බැල්මෙන්
පෙම්වතුන්
තිගස්සවන
කාකි
ඇඳුමට
බියේ
ඒ
බාහුවට
යන්තම්
දෙතොල්
තියමි.
එපමණකි.
නමුත්
මට
යළි
නුඹ
දකිනතුරු
ජීවන
හුස්ම
එහි
තියේ.
දුඹුරු
පැහැ
නිල
ඇඳුමට
හොරා
නුඹ
සීරුවෙන්
මගේ
අතැඟිලි
සිර
කරයි.
සිනාසී
ඉවසමි,
මන්ද
යළි
හමුවන
තුරු
මගේ
ජීවිතය
ඒ
රිදුමේ
සිරකරමි.
සිනාසෙන ඇස් වලට එබී එදා වාගේම යළිත් නුඹෙන්
අසමි,
"කොහෙ ඉඳන් ආවද මන්දා මං ළඟට..".
ඔය
කොහොමත්
සිනාසෙන
ඇස්
ඇත්තටම
සිනාසේ.
"මේ ළමයා කොහෙන්දෝ, රෝස කැලෙන්
ඇහින්දෝ...රෝස
කැලෙන්
අහුලගත්තෙ
මං.."
කියමි
මම.
නුඹේ
අතට
මැදිවූ
අතැඟිලි
හිමින්
සීරුවේ
සිරවේ.
රිදෙන
තරමට
ගුලි
වේ.
කිසිත්
නොකීවාට
කම්
නැත.
ඒ
නුඹේ
ආදරය
යි....
මට
ඒ
දැනේ.
තනිකඩ හිත වලට දුක් දෙන්නෙපා අයියෝ.. :(
ReplyDeleteදුක් දෙන්ට ලිව්ව නෙමේ අයියෝ... දුක් වෙන්ට එපා මෂ්ෂිනා, කිසිමකෙනෙක් හැමදාම තනිකඩ වෙන්නෑනෙ. හරි කාලෙට අපිත් එන්නංකො ජයමඟුල් ගී කියාගෙනම.
Deleteලස්සන ලියවිල්ලක්. අත්දැකීමක් වුණත් ලියවීමේ ශෛලියත් ඉස්තරම්.
ReplyDeleteමං ලියන්නියක් නෙවේ නිසයි මට ඔයාගෙ කොමෙන්ටුව වටින්නෙ ඉයන්. මං හිටියෙ ලොකු විචිකිච්චාවක, මගෙ ලියවිලි වටීවිද බ්ලොග් පිටුවකට කියල. ස්තූතියි අදහසට. අඩුපාඩු කියනවනම් මට වටිනව...
Deleteලියන්නියක් නෙවෙයි කියලා සැරින් සැරේ කිවුවට උඹ උපතින්ම ලියන්නියක්..... බය නැතුව ලියහං..... අපි ඇවිත් විඳින්නං..........
ReplyDelete(ඉයන් පස්සෙං ආවේ)
හිත පිරුණා... අමුතු හයියකුත් දැනුනා. ස්තූතියි ඉන්දික. ආයෙ එන්ට.
Delete