Wednesday 30 March 2016

නුඹ හිලව්වට ගත්තෙ මගෙ ජීවිතේ.



නුඹ දුන්නු ආදරේ
හිලව්වට නුඹ ගත්තෙ මගෙ ජීවිතේ.
ඉතිං,
ජීවිතේ නුඹ වෙච්චිකොට
මං කෝම නොකර ඉන්නද ආදරේ...?
හිමින්... හරි හිමින් අඩි තියන්න,
නුඹ ඔය ඇවිදින්නෙ මයෙ හිත උඩ.
"රිදෙයි උඹට කෙල්ලෙ"
හිතන්න වෙනවා නුඹට හරියට.
පරිස්සමිං.

No comments:

Post a Comment

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...