අග්ගිස්සේම වුව වසන්තය
ලදිමි ජීවිතේ සුන්දර වරම
තුරු සිරස දළු දමා හැඩ කළද
නොලද්දෙමි මල් පුබුදුවන වරය.
ලපලු අග දුටුව මුත් වතාවක්
පින්න මැද දුක් විඳින මෝරන්ට,
පෙති අරින්නට කලින් බිම වැටුන
මල් කැකුල දැක හිතම ඉරිතැලින...
නොදැනෙන්ට මා නොලද මල් වරය
හිතට වැටකොටු බඳිමි අසරණව
ගෙවා දුර මල් සුවඳ සොරාගෙන
ආ සුළඟ මා දවා හමා යත.
අපවාද අවලාද වැහි අතර
ලේ ගලන තොල් හිමිගෙ අරෝවට,
නැතිද දුක කිරි නොපිරි ලැම දැක
සුරඟනෝ නිදිද දුක නොදැකම...?
බටිත්තනි, කොබෙයියනි, සමනලුනි
සරා නෙක නෙක පියස වන රොද,
සොයා මල් රේණුවක් තුඩින් ගෙන
වරෝ මගෙ පාලු කුස යහනට.
මුකුලිත වූ මල් කැකුළක අවිහිංසක දුක් ගී සුවඳ.
ReplyDeleteජයවේවා!!!
අම්මෙකුගෙ අහිමි වීම ඉතිං....
Deleteජයවේවා දුමී.
කාලෙකින් ඇවිල්ල දීල තියෙන්නෙ කුඩු වෙන්ඩ.....හැක් හැක්...
ReplyDeleteවැඩ මලේ... කාලෙකින් ලීවට, කියවල යනව හදිසියෙ ඇවිත්. කෝ කොහෙද කුඩු...? හැක්...
Deleteමේ පාර ලියනව නේහ්? සුබ පැතුම් ඈ. හොඳට පිලිවෙලට උත්තර ලියාගන්න එකක් නෑර විෂය කරුණු මතකෙට ඒවා...
මේ භාෂාව හරි අපූරුයි.. කදිමයි.. දිගටම කවි ලියන්න ලේ..
ReplyDeleteස්තූතියි වර්ෂා. හැබැයි මේක හොඳයි වගේ තමා. දිගට දිගේ ලියනවට වඩා කවි හොඳයි වගේ තමා. හැක් හැක්
Deleteලස්සනයි නගේ...බොහොම අපූරුවට ගලපලා තියනවා
ReplyDeleteස්තූතියි පොකුරු වැහි අක්කෙ.
Deleteකවිය අපූරුයි. කාලෙකින් හොඳ නිර්මාණක්
ReplyDeleteඉවාන් කාලෙකින් ඇවිත්. කාලෙකින් හොඳ ඒව ලියවෙනව ඇති. ස්තූතියි අයියෙ.
Deleteඉස්සෙල්ල හිතුන මේකයි තේරුම කියල, පස්සෙ වෙන එකක් කියල හිතුන. අන්තිමට තේරුනේම නැහැ. සිංහල පරිවර්ථනයක් දෙනවද?
ReplyDeleteඅපෝ ඉයන් මාමෙ.... දුෂ්ට ඉයං. ඇඬෙනව. ඒ කියන්නෙ හොඳ නෑ.
Deleteකයිය කොයෝලා ටිකක් වෙලා බලන් හිටියා... ඊට පස්සෙ චන්ද්‍රලේඛා ගෙ 'කිරි අම්මාවරු දනට වඩිනවා' සිංදුව ඇහුවා.. දැන් හොඳ ගණන්..
ReplyDeleteජයවේවා..!!
ඇයි උඹ මොකුත් එහෙම පාවිච්චි කළාද?
Delete'අපිට කොයින්ද පූශො මාළු... අපි යනවැයි මූදු....' කිව්වලු
Deleteනාකි වෙලා බඳින්න හොඳනෑ කියල අපේ වෙන්ඩ මනුස්සයට පේන්න මේක දැම්මෙ ගස් අයියෙ. හික්....
Deleteගෂ් අයියත් හැලපෙ අයිය වගේ මොන මොනහරි පාවිච්චි කරනවැයි..? හැලප තුමෝ ඈ...?
Delete"අපි යනවැයි මූදු...." hikz
Deleteලේපාහී,
Deleteමම නම් කියන්නෙ හැකි ඉක්මනින් බැඳගන්න. කල් දදා හිටිය කියල ලැබෙන දෙයක් නෑනෙ.මොකද ගතවෙන කාලය නැවත කවදාවත් ලැබෙන්නෙ නෑ.අප්පමාදෝ අමතපදං කියල කිව්වෙත් ඒකනෙ.
බැඳගන්නනම් අපි ඕනෙ වෙලාවක කැමතියි. හැක්... ඊට කලින් පොඩි නෙවේ, ලොකු ලොකු වැඩ දෙකතුනක් ඉස්ට කොරගන්න තියෙනව හැලප අයියෙ. ජොබ් කට්ටක් හොයා ගන්නත් එපැයි තව. ඒ ටික කරල අම්මප ලබන අවුරුද්දෙනම් ගැටේ ගහගන්නවමයි ඔන්න.
DeleteApita kohenda puusho maalu...
ලේ ලේ නියමයි :) ලස්සනට පද ගලපල :)
ReplyDeleteඅලෙ අලේ... හංසිත් කොමෙන්ට් කරල.😉😉😉
Deleteස්තූතියි සහෝදරී
අම්මටසිරි වෙනවනෙ...
ReplyDeleteපට්ටයි ලේ පාට හීන.. පට්ටයි...
ලස්සන පබැදුමක්
ජයවේවා
අපෙ අප්පච්චිගෙ නමේ සිරී කෑල්ලක් තියනෝ. ඒම බැලුවම ඔයාගෙ කතාවත් හරි. අම්ම දැනගෙනම තෝරල තියෙන්නෙ.
Deleteහික් හික්.
ස්තූතියි මහේෂ් අයියෙ.
සංවේදී කතාවක අපූරු පද වියමන.
ReplyDeleteස්තූතියි කසුන් අයියෙ
Deleteලස්සනයි ලේ. පා. හීන.
ReplyDeleteමුලු මාස ගානම බලාපොරොත්තු තියාගෙන ඉඳලා නිවාඩු අරන් ගිය මගේ ලඟම අක්කා කෙනෙක් ආයෙත් වැඩට ආවේ හිස් අතින්. කිසිම කෙනෙක් අහන්නවත් ගියේ නැ මොකද උනේ කියලවත්. ඒ දුක දරාගෙන ඇය කොහොම හිටියද මන්දා . පස්සේ කාලෙක ඇය කිව්වා මේ ලොකේ කිසිම කෙනෙකුට ඒ දුක නම් දැනෙන්න එපා කියලා...
ස්තූතියි නිම්නි. ඒ වගේ දුක හිතෙන කතන්දරයක් දැකල තමයි මේක ලිව්වෙත් මං.
Deleteඔයාගෙ පද ටික දැක්කම මට මතක් උනේ මේ ගීතය...මම ඉතාම ප්‍රිය කරන ගීත අතරින් එකක්...
ReplyDeleteආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්
දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන්
සුසුම් සුභ පැතුමක්
ඔබට සුභ දවසක්...
පැනින් නහවා
ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා
සසරා ඉම තෙක් එකව ඉන්නට
ආදරෙන් කොඳුරා
අතින් අත බැඳුනා.....
හාදු තැවරූ රෝස කම්මුල්
රළු අතින් රිදවා
දෙතොල ඉකිලන
සුසුම් කැඳවන
රුදුරු බස් බනවා
නෙතු කඳුලු පුරවා
ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
කඳුලු පැන් කලසක්
යහන පාමුල විහිදුවා යමි
ඔබට සුභ දවසක්
ඔබට සුභ දවසක්.............
ගායනය දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
දීපිකා කියන්නෙ මං ආසම කටහඬවල් කීපෙකින් එකක්. ගීතය හරිම අපූරුයි තමා සිරා අයියෙ. ස්තූතියි සුන්දර ගීතයක් මතක් කලාට
Deleteලස්සනයි. කාලෙකින් මේ පැත්තෙ ආවෙ මං
ReplyDelete