Sunday 31 July 2016

අහිමි

අග්ගිස්සේම වුව වසන්තය
ලදිමි ජීවිතේ සුන්දර වරම
තුරු සිරස දළු දමා හැඩ කළද
නොලද්දෙමි මල් පුබුදුවන වරය.

ලපලු අග දුටුව මුත් වතාවක්
පින්න මැද දුක් විඳින මෝරන්‍ට,
පෙති අරින්නට කලින් බිම වැටුන
මල් කැකුල දැක හිතම ඉරිතැලින...

නොදැනෙන්ට මා නොලද මල් වරය
හිතට වැටකොටු බඳිමි අසරණව
ගෙවා දුර මල් සුවඳ සොරාගෙන
ආ සුළඟ මා දවා හමා යත.

අපවාද අවලාද වැහි අතර
ලේ ගලන තොල් හිමිගෙ අරෝවට,
නැතිද දුක කිරි නොපිරි ලැම දැක
සුරඟනෝ නිදිද දුක නොදැකම...?

බටිත්තනි, කොබෙයියනි, සමනලුනි
සරා නෙක නෙක පියස වන රොද,
සොයා මල් රේණුවක් තුඩින් ගෙන
වරෝ මගෙ පාලු කුස යහනට.

31 comments:

  1. මුකුලිත වූ මල් කැකුළක අවිහිංසක දුක් ගී සුවඳ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අම්මෙකුගෙ අහිමි වීම ඉතිං....
      ජයවේවා දුමී.

      Delete
  2. කාලෙකින් ඇවිල්ල දීල තියෙන්නෙ කුඩු වෙන්ඩ.....හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. වැඩ මලේ... කාලෙකින් ලීවට, කියවල යනව හදිසියෙ ඇවිත්. කෝ කොහෙද කුඩු...? හැක්...

      මේ පාර ලියනව නේහ්? සුබ පැතුම් ඈ. හොඳට පිලිවෙලට උත්තර ලියාගන්න එකක් නෑර විෂය කරුණු මතකෙට ඒවා...

      Delete
  3. මේ භාෂාව හරි අපූරුයි.. කදිමයි.. දිගටම කවි ලියන්න ලේ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වර්ෂා. හැබැයි මේක හොඳයි වගේ තමා. දිගට දිගේ ලියනවට වඩා කවි හොඳයි වගේ තමා. හැක් හැක්

      Delete
  4. ලස්සනයි නගේ...බොහොම අපූරුවට ගලපලා තියනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි අක්කෙ.

      Delete
  5. කවිය අපූරුයි. කාලෙකින් හොඳ නිර්මාණක්

    ReplyDelete
    Replies
    1. ඉවාන් කාලෙකින් ඇවිත්. කාලෙකින් හොඳ ඒව ලියවෙනව ඇති. ස්තූතියි අයියෙ.

      Delete
  6. ඉස්සෙල්ල හිතුන මේකයි තේරුම කියල, පස්සෙ වෙන එකක් කියල හිතුන. අන්තිමට තේරුනේම නැහැ. සිංහල පරිවර්ථනයක් දෙනවද?

    ReplyDelete
    Replies
    1. අපෝ ඉයන් මාමෙ.... දුෂ්ට ඉයං. ඇඬෙනව. ඒ කියන්නෙ හොඳ නෑ.

      Delete
  7. කයිය කොයෝලා ටිකක් වෙලා බලන් හිටියා... ඊට පස්සෙ චන්ද්‍රලේඛා ගෙ 'කිරි අම්මාවරු දනට වඩිනවා' සිංදුව ඇහුවා.. දැන් හොඳ ගණන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇයි උඹ මොකුත් එහෙම පාවිච්චි කළාද?

      Delete
    2. 'අපිට කොයින්ද පූශො මාළු... අපි යනවැයි මූදු....' කිව්වලු

      Delete
    3. නාකි වෙලා බඳින්න හොඳනෑ කියල අපේ වෙන්ඩ මනුස්සයට පේන්න මේක දැම්මෙ ගස් අයියෙ. හික්....

      Delete
    4. ගෂ් අයියත් හැලපෙ අයිය වගේ මොන මොනහරි පාවිච්චි කරනවැයි..? හැලප තුමෝ ඈ...?

      Delete
    5. "අපි යනවැයි මූදු...." hikz

      Delete
    6. ලේපාහී,
      මම නම් කියන්නෙ හැකි ඉක්මනින් බැඳගන්න. කල් දදා හිටිය කියල ලැබෙන දෙයක් නෑනෙ.මොකද ගතවෙන කාලය නැවත කවදාවත් ලැබෙන්නෙ නෑ.අප්පමාදෝ අමතපදං කියල කිව්වෙත් ඒකනෙ.

      Delete
    7. බැඳගන්නනම් අපි ඕනෙ වෙලාවක කැමතියි. හැක්... ඊට කලින් පොඩි නෙවේ, ලොකු ලොකු වැඩ දෙකතුනක් ඉස්ට කොරගන්න තියෙනව හැලප අයියෙ. ජොබ් කට්ටක් හොයා ගන්නත් එපැයි තව. ඒ ටික කරල අම්මප ලබන අවුරුද්දෙනම් ගැටේ ගහගන්නවමයි ඔන්න.
      Apita kohenda puusho maalu...

      Delete
  8. ලේ ලේ නියමයි :) ලස්සනට පද ගලපල :)

    ReplyDelete
    Replies
    1. අලෙ අලේ... හංසිත් කොමෙන්ට් කරල.😉😉😉
      ස්තූතියි සහෝදරී

      Delete
  9. අම්මටසිරි වෙනවනෙ...
    පට්ටයි ලේ පාට හීන.. පට්ටයි...
    ලස්සන පබැදුමක්
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අපෙ අප්පච්චිගෙ නමේ සිරී කෑල්ලක් තියනෝ. ඒම බැලුවම ඔයාගෙ කතාවත් හරි. අම්ම දැනගෙනම තෝරල තියෙන්නෙ.

      හික් හික්.
      ස්තූතියි මහේෂ් අයියෙ.

      Delete
  10. සංවේදී කතාවක අපූරු පද වියමන.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කසුන් අයියෙ

      Delete
  11. ලස්සනයි ලේ. පා. හීන.

    මුලු මාස ගානම බලාපොරොත්තු තියාගෙන ඉඳලා නිවාඩු අරන් ගිය මගේ ලඟම අක්කා කෙනෙක් ආයෙත් වැඩට ආවේ හිස් අතින්. කිසිම කෙනෙක් අහන්නවත් ගියේ නැ මොකද උනේ කියලවත්. ඒ දුක දරාගෙන ඇය කොහොම හිටියද මන්දා . පස්සේ කාලෙක ඇය කිව්වා මේ ලොකේ කිසිම කෙනෙකුට ඒ දුක නම් දැනෙන්න එපා කියලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිම්නි. ඒ වගේ දුක හිතෙන කතන්දරයක් දැකල තමයි මේක ලිව්වෙත් මං.

      Delete
  12. ඔයාගෙ පද ටික දැක්කම මට මතක් උනේ මේ ගීතය...මම ඉතාම ප්‍රිය කරන ගීත අතරින් එකක්...

    ආයුබෝවන් පෙම්බරානනි ඔබට සුභ දවසක්
    දුකක් නොලැබෙන හෙටක් වෙනුවෙන්
    සුසුම් සුභ පැතුමක්
    ඔබට සුභ දවසක්...

    පැනින් නහවා
    ඇඟිලි ගෙලවට රනින් තැලි පලඳා
    සසරා ඉම තෙක් එකව ඉන්නට
    ආදරෙන් කොඳුරා
    අතින් අත බැඳුනා.....

    හාදු තැවරූ රෝස කම්මුල්
    රළු අතින් රිදවා
    දෙතොල ඉකිලන
    සුසුම් කැඳවන
    රුදුරු බස් බනවා
    නෙතු කඳුලු පුරවා

    ඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු
    කඳුලු පැන් කලසක්
    යහන පාමුල විහිදුවා යමි
    ඔබට සුභ දවසක්
    ඔබට සුභ දවසක්.............

    ගායනය දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

    ReplyDelete
    Replies
    1. දීපිකා කියන්නෙ මං ආසම කටහඬවල් කීපෙකින් එකක්. ගීතය හරිම අපූරුයි තමා සිරා අයියෙ. ස්තූතියි සුන්දර ගීතයක් මතක් කලාට

      Delete
  13. ලස්සනයි. කාලෙකින් මේ පැත්තෙ ආවෙ මං

    ReplyDelete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...