Sunday 8 May 2016

කැම්පස් රැග්/ යට ඇඳුම්, wilpattu,will පත්තු??? VS VAT



හිතුවිලි වලට මතු වෙන්න නොදී හිත කඹේකින් තදට ගැටගහල තියෙනව වගේ, මුකුත්ම නොකර නිකංම ඉන්න ඕනෙ කියල හිතෙන උදාසීනකමකින් එතිල, පැටලිල ඉද්දි හිතුණ මේක කුරුටු ගාන්න ඕනෙ කියල. හේතුව බුකිය පැත්තෙ හරි ජරමර. අඩියක් තියන්න නෑ කුණුහරුප සාගරේ. විචාර, විවේචන, තද වලි එමට. කැළණියෙ විශ්වවිද්‍යාලෙ ශිෂ්‍යාවක නවක වදය දීල කියන මාතෘකාව තමයි නිමිත්ත. මමත් හතරවටේ ඇවිදල බැලුව. මයෙ අප්පේ කොමෙන්ටු කියෙව්වම මට සම්පූර්ණ භාෂා ඥානය හම්බුණා.

මමත් තවම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. හෝව් හෝව්... මේ හදන්නෙ යුද්ධෙට එන්ට නෙවේ. එක එක අය විවිධ මතිමතාන්තර එක්ක ඉද්දි මටත් හිතුන මට හිතෙන දේ කියන්න. මේ උලුප්පල ගත්තු සිදුවීමෙදි, වෙච්ච සිදුවීම විදියටම  මම නොදන්න නිසා,  ඒක ගැන නිවැරදිම අවබෝධයක් මට නැති නිසා සිද්දිය ලිහන්න- පටලන්න උත්සහ කරන්නෑ.  ඒව හොඳයිද නරකයිද කියල කැටගරි කරන්න මං උත්සහ කරන්නෑ 

අපිත් විශ්වවිද්‍යාලයට ගිය අලුත අපිටත් orientation තිබුණා. අවංකවම කියන්න, අපේ කැම්පස් එකේ අමානුෂිකයි කියල ලේබල් ගහන්න ඕනි දේවල් එකක්වත් සිද්ද වුණේ නෑ. ලිංගික අඩන්තේට්ටම්, බලපෑම් ගෑණු ළමයින්ට තිබුණෙ නෑ. කොමන් රැග් එකෙදි ලැබෙන කායික හිරිහැරයක් නැති රැග් අපිටත් ලැබුන. ඇඟට අතක්වත් තිබ්බෙ නෑ කිසිම වෙලාවක, කිසිම කෙනෙක්.මොනම විදියෙ අනිසි බලපෑමක්වත් තිබුණෙ නෑ- අනිසි කියල මං මේ සඳහන් කරන්නෙ ලිංගික බලපෑම්

අනන්ත අප්‍රමාණ බැනුම් නං ඇහුව. හිනා නොවිය යුතු තැන හිකිස් ගාල හිනා පැන්නම ඇයි තොට හිනාද, ආතල්ද..? කපපං හිනාව, කපල සාක්කුවෙ දාගනින් කියල බැනුම් අහගන්නව. නමුත් මේක හරිම පුද්ගලානුබද්ධයි. සමහරු වෙලාවකට පර්සනල් ඇරියස් කවර් කරගන්නව කියලත් හිතෙන වාර තියෙනව. පළමු වසරෙදි බොහෝ වෙලාවට මට මේක වදයක් වුණා. ඒත් හවසට බෝඩිමට ගිය ගමන් අපි මේව මතක් කර කර, අවස්ථා රඟපාල, සීනියර් අයියල අක්කලාට නම් වානං පට බැඳල ඒව විහිලුවට හරවගෙන බඩ පැලෙනකල් හිනා වෙනව. පහුවදාට හැබැයි කැම්පස් එකට යන්නෙ කාගෙ බැනුමකට අහුවෙයිද කියන බයෙන්.

ඒත් දැන් අපි කැම්පස් එකේ පට්ට සුපර් සින්නො, සිව් වෙනි අවුරුද්ද. දැන් අපිට රසකර කර මතක් කරන්න තියෙන්නෙ, හිනාවෙවී කතා කරන්න ඉතුරු අර මතක විතරයි. එදා නරක විදියට දැකපු, කරදර විදියට දැකපු දේවල් ඔක්කොම අද අපිට රස මතක වෙලා. කොහොම වුණත් මට මේව රසබර මතක වුණේ ජීවිතේට බලපෑමක් නොවුණු, අනවශ්‍ය රැග් අපිට නොතිබ්බ නිසා.

මේක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව අමානුෂික රැග් වලට මූණ දෙන්න උනානම්. ජීවිතේ කඩා වැටෙන, මානසිකව ඇදවැටෙන විදියෙ රැග් වලටනම් අනිවාර්යයෙන් විරුද්ධ වෙන්න ඕනෙ. මං හිතන්නෙ ඒක කරන්න පුලුවන් කැම්පස් එක ඇතුලෙමයි. මං අහල තියනව අපි කැම්පස් එකට යන්න කලින් අපේ කැම්පස් එකෙත් ටිකක් දරන්න අමාරු විදියෙ රැග් තිබුණයි කියල. ඒත් අපිට බැච් හතරකට විතර උඩින් උන්නු සීනියර් වසරක අය්යල අක්කල තිබුණු ක්‍රමේට විරුද්ධ වෙලා එව ටිකෙන් ටික වෙනස් කරගත්ත කියල. වෙනස් විදියට හිතන කොටසකට එකතු වෙලා කැම්පස් එක ඇතුලෙම මේ දේවල් වෙනස් කරගන්න පුලුවනි.

නිසා මේ රැග් කතාව එක එක කෝණ වලින් අර්ථ දක්වන්න පුලුවන්. ඒත් මගෙ පෞද්ගලික අදහසනං මේ වතාවෙ නුවුවමනා විදියට මේක මාධ්‍යයෙන්, ෆේස් බුක් හරහා ඉස්මතු වුණා කියනෙක. මගෙ තියරිය තමයි නොදන්න දෙමළෙට ගිහිං වරිගෙ නහගන්නෑ කියන එක. බ්ලොග් ලෝකෙදි විතරක් නෙවේ, හැමතැනදිම මං නොදන්න දේවල් වල එල්ලෙන්න, විවේචනේ කරන්න යන්නෑ. නොදන්න දේ කියවනව, හොයල බලනව, හරියටම අවබෝධයක් එනකල් තර්ක කරන්න, කොමෙන්ට් කොටන්න යන්නෙ නෑ බ්ලොග් වලදි වුණත්. හරියට මගෙ දේශපාලන ඥානෙ වගේ. දන්නෙ ටිකයි නිසා හොට නොදා ඉන්නව, හැබැයි කියවනව. මේක මං අදාළ කරන්න කැමතියි බුකි වීරයන්ට. නිකමටවත් කැම්පස් නොගිය ඈයො අසාධාරණ තර්ක ගෙනෙද්දි, බොහොම කැත වචන වලින් කැම්පස් ළමයින්ට දොස් කියද්දිනම් අපිටත් රිදෙනව. සමහරු තමන් කැම්පස් නොගිය ඇරියස් ඒකෙන් කවර් කරන්න හදනව. කැම්පස් ඉන්න, ගිය හැම ගෑණු ළමයම බඩු කියල කොමෙන්ට් කරල තියෙනව මං එක තැනක දැක්ක. මට හිතුණ අය අපිත් ගෙදර ඉන්න එයාලගෙ අම්මල, නංගිල වගේම තමයි කියල අමතක කරලද කියලත්. ඕනෙම සමාජෙක වැරදි කරන මිනිස්සු ඉන්නව. එහෙමයි කියල අපි සමාජෙ හැමෝම කුපාඩි, වනචරයො ගානට දාන්නෑනෙ. කැම්පස් සමාජෙත් විවිධාකාර මිනිස්සු ඉන්නව. එහෙම වෙනස් මිනිස්සු කීපදෙනෙක් හිටි පලියට කැම්පස් ගිය, යන හැමෝම බඩු, තිරිසන්නු වෙන්නෙත් නෑ.හැබැයි හැමෝම අමතක කරපු කාරණේ තමයි අමුතු ළමයි හැදෙන්නෙත්, එන්නෙත් අපි හැමෝම ඉන්න සමාජෙ ඇතුලෙන්මයි කියන එක.

හැමෝම කැම්පස් ළමයිට ඇඟිලි දික් කළාට අපිටනම් කැම්පස් එක සුන්දර ලෝකයක්. හිත රිදෙන , කළකිරෙන අවස්ථා නැතුව නෙවේ.. ඕනෙම තැනක ලෝක ස්වභාවෙනෙ. තිරිසන්නු කියල හංවඩු ගහද්දි අපිව, මේ අපි සමාජෙ වෙනුවෙන් කරපු දේවල්.








සතේකවත් මූල්‍ය ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී රට වටේ අපේම වියදමින් ඇවිද ඇවිද අපි ඉස්කෝලෙ ළමයින්ට මේ වගේ වැඩසටහන් කළා,"වරෙන් යන්න අපිත් එක්ක" කියන නමින්.  උසස් පෙළ ගොඩ දා ගන්න හැටි, ජීවිතේ එන අභියෝග වලට නොවැටී මූණ දෙන හැටි, අපි අපේ අත්දැකීම් වලින් පොඩි වුන්ට කියල දුන්නා. අපි සතයක්වත් හම්බ කලේ නෑ... හැබැයි අපි මාර සතුටක් වින්දා. මේ කතාව සම්පූර්ණයෙන්ම මං වෙන පෝස්ටුවකින් කියන්නම්කො. මේ ඡායාරූප වල සින්නො ජුන්නො එකට ඉන්නෙ, අපි මේවා කළේ එකතු වෙලා, ගැටි නෑ, ලොකුකම් නෑ. මේව තමයි අපේ කැම්පස් ජීවිතේ.

ඔක්කොමත් හරි, මට හිතුනෙ රටේ පාලක පක්ෂෙටනම් පට්ට, කියලවත් කරගන්න බැරි වැඩක් වුණේ. රටේ අය වැය පරතරේ පියවන්න බෑ යකෝ කියල අහිංසක මිනිස්සු උඩටම වැට් සූත්තරේ දැම්ම. උහුලන්න බැරි විදියට ටෙලි කොමියුනේකේෂන් පැත්තෙන් බදු වැඩි වෙනව. බඩගින්නට බෝඩිං අපේ පිහිටට තිබුනු පිටි කෑම මිල දර්ශනේ වෙනස් වෙලා. අස්සෙ රටේ උත්තරීතර ආයතනෙ ඇතුලෙ ජනතාව පත් කරල යවපු නියෝජිතයො ගුටි කෙලගන්නව. එහෙන් රට ඇතුළෙ බයානක විදියට ජාතිවාදී රැල්ලක් ඔලුව උස්සනව. පාලකයො ඇස් පියාගෙන, පැත්තෙන් යසට තිබ්බ විල්පත්තුව එළි කරන් යනව. කවද මේ පාලකයින්ගෙ ඇස් ඇරිල, විල්පත්තු,will පත්තුවෙයිද කියල අපි බලන් ඉන්නව. මේ ඔක්කොම සංගදි වලට  අපේ මිනිස්සු  අන්ධයි, කැම්පස් කෙල්ලොන්ගෙ, කොල්ලන්ගෙ ජංගි තමයි මේ රටේ ජාතික ප්‍රශ්නෙ දැන්. කාලයක් Bra එකක් ඔලුවෙ තියන් නැටුව... ඒකෙන් මේකෙන් මට හිතෙන්නෙ අපේ රටේ මිනිස්සු, මාධ්‍යය, බුකි ඇඩ්මින්ල උනන්දු රටේ යට ඇඳුම් ප්‍රශ්නෙ ගැන විතරද කියල... මේව news තමයි... නෑ කියනව නෙවෙයි. ඒත් මේවට වඩා විසඳගන්න රටේ ප්‍රශ් තියෙද්දි මට තියන අවුල, මේ දේවල් නිසා ඒවා ගැන මිනිස්සුන්ගෙ අවධානෙ ඇතිද කියන එකයි. කෝමහරි පාලක පන්තියට තාවකාලික පැලැස්තර අලවල දීල, ප්‍රභාකරන් කියනව වාගේ සිංහල මුනියට ඔක්කොම මතක සතියයි කියල සතිය ගෙවෙනකල් Priority දිය යුතු ඒව යට ගහල අවශේෂ කරුණු මතු කරල පට්ට රැල්ලක් හදන මාධ්‍යය සහ බුකි ඇඩ්මින්වරුන්ට මගේ බලවත් මෙව්ව එක...

 ප.ලි.: මෙහි ලියා ඇති සියලු දෑ මගේ පෞද්ගලික මතයට අනුකූල ය.

71 comments:

  1. රැග් කොරන්නේ හීන මානයෙන් පෙලෙනා පරපීඩකයෝ ය! මිනිසුන් ට හින්සා කිරීම වරදකි!

    ReplyDelete
    Replies
    1. ස රස ඉස්සරෝම ඇවිත් මේ පැත්තෙ, ඉස්සරෝම කොමෙන්ටුව තියල ගිහින්. ඔබතුමා විශ්ව විදාල ඇඳුරුතුමෙක්ව හිටි වග අද දවස ඇතුලෙම කොහෙහරි කොමෙන්ටුවක දැක්ක මම. බොහොම ආදරෙන් පිලිගන්නව මේ පැත්තට.
      මිනිස්සුන්ට හිංසා කිරීම වැරදියි... 100%ක්ම එකඟයි. මිනිස්සුන්ට විතරක් නෙවේ, සතෙකුට වුණත් හිංසා කරනෙක වැරදියි ස රස තුමා.

      Delete
  2. පැමිණියෙමි කියෙව්වෙමි.

    ReplyDelete
    Replies
    1. පැමිණීම දහසක් වටින්නේ ය. කොමෙන්ටුවක් තබා ගිය එකත් වටින්නේ ය. ෆලෝවක් දමා ඇති අයුරත් දුටිමි. සැරද හැලප... යළි යළි අවුත් දිරිමත් කරන්නේ නම් මසුරන් වටනේ ය. හි හී...

      Delete
  3. කිසිම නවක වදයක් අවශ්‍ය නැත. අහිංසක නවක වද කියා දෙයක් ද නැත. ඕනෑම වර්ගයක නවක වද දෙන්නෝ මානසික ආබාධිතයෝය.සරස හා සමඟ සපුරා එකඟවෙමි.

    ReplyDelete
    Replies
    1. "නවක වදය" සුදුසු නෑ තමයි රවී. "වදය" හිංසාවක්. මුලින්ම කිව්ව වගේ මේ ලියමනින් මං මේ වැඩ පිළිවෙල හොඳ/නරක, අහිංසක විදියට කැටගරි කරන්න උත්සාහ කළේ නෑ. ස රස, ඔබ, මම හැමෝම නවක "වදය"ට විරුද්ධයි.

      Delete
    2. මේ පැත්තට වෙල්කම් වේවා Buru Babe

      Delete
  4. ඕක අර කියුවත් වගේ තවත් එක මාතෘකාවක් විතරයි ලේ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් නිර්මාණි. හැබැයි පියවි සිහියෙන්, අවබෝධයකින්, එක පැත්තකටවත් බර නොවී කතා කරන්න ඕනෙ මාතෘකාවක්.

      Delete
  5. ඇත්තමයි ලේ මේ අත්දැකීම් කියවද්දි ආයෙමත් කැම්පස් ගියා වගේ දැණුනා..... හිතින් ගිහින් බැලුවාම ජීවිතේ සුන්දර අවුරුදු කිහිපය. ආයේ එන්නේ නැහැනේ කියලා දුකක් දැනුණා. අපිට නං දැන් වරෙල්ලා රී රැග් කරලා ගන්න කිව්වත් අපි යන්න ලැහැස්තියි..... ඒ තරම් ම ඒක සුන්දරව විදින්න හැකි වුණා... මේ ගැන මහා විවේචන යනවාය කියලා කිව්වාට දැන් ගිම්මිගේ පැත්තේ ගියාමත් දැක්කේ සුන්දර මතක ටිකක් ගැන කතාවක්..... මොකක් ද මේ වෙනස...... රැග්එක විදපු හැමෝම රැග් එක විවේචනය කරන්නේ නැහැ. උන් ඒක සුන්දර මතක අතර තියෙන ලස්සන කාලයක් විතරයි. ඒත් පණ බයේ මහන්තත්තකං ඔලුවේ තියාගෙන ගිහිල්ලා ඒකට ගැලපෙන්න බැරිව හැංගුණ උන්ට ඒක මාර කටුක අත්දැකීමක්........ මේ බොරු බය කිරීමෙන් වෙන්නේ තව තවත් සමාජය මේක ගැන වැරදි ඇහැකින් බැලීමක් විතරයි....... ඒත් අපි එකක් කියන්න ඕනේ අපිත් අද මේ විදිහට ඉන්නේ රැග් එකෙන් ලබපු පන්නරයත් එක්ක කියන එක......

    ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. /මේ බොරු බය කිරීමෙන් වෙන්නේ තව තවත් සමාජය මේක ගැන වැරදි ඇහැකින් බැලීමක් විතරයි/
      මේ කතාවටනම් මං සම්පූර්ණයෙන්ම එකඟයි. ගිම්මිගෙ, විභීෂණගෙ පෝස්ටු වල ඔබේ කොමෙන්ටු කියෙව්ව.
      මෙතනදි මේකත් එකතු කරන්න ඕනෙ කුරුටු. නවකයො අඳුනගන්න කරපු වැඩසටහනේ හැමකොටසමනම් මටත් සුන්දර වුණේ නෑ. සමහර තැන් මට ලොකු පීඩනයක් ගෙනාව. (කිසිම විදියක කායික හිරිහැරයක් නෑ, නමුත් එක්කෙනෙක් දෙන්නෙක් mentally ඇරියස් කවර් කළ එක මට පීඩාවක් වුණා).නමුත් මං ඒක දරාගත්ත. ඒ කොටස වෙනස් වෙන්න ඕනෙ කියන තැන මං ඉන්නෙ. අමානුෂික වද හිංසානම් නැවැත්විය යුතුමයි.
      හැබැයි ඒක වෙන්න ඕනි කැම්පස් ඇතුලෙමයි, අපි අතින්මයි. එහෙම නැතුව මේ කුනුහරුප කිය කිය මෝඩ විවේචන ගේන බුකි මැරයො ලව්වා නං නෙමෙයි.

      Delete
  6. සිරා කතාව... නොදන්නා දේ ගැන කතා නොකර ඉන්න එක හොඳ නිසා කට පියාගෙන හිටියා.. හැබැයි අවුරුදු හතරක් කැම්පස් යන මං මේ කියන විදිහේ අමානුෂික දෙයක් නම් ඇත්තටම දැකලා නෑ...

    ලංකාවේ ඉතිං කොහෙත් තියෙන්නේ ඇරියස් කවර් කරන එකනේ...

    ReplyDelete
    Replies
    1. /හැබැයි අවුරුදු හතරක් කැම්පස් යන මං මේ කියන විදිහේ අමානුෂික දෙයක් නම් ඇත්තටම දැකලා නෑ./
      මේකම තමයි මාත් කියන්නෙ නාඩියා.
      ඇරියස් කීවට ඒ මට මූණ දෙන්න වුණෙ ,same school, same age, ඒ සීනියර් තුමී මට අවුරුද්දක් කලින් කැම්පස් පැමිණීමේ ඇරියස්. හි හී...

      Delete
  7. / නවක වදය තුලින් මා ලැබූ හරයන් කිසිවක් නැත. ඉතිරි වුයේ තවමත් මට නවක වදය දුන් පිරිස පිළිබඳව නොසතුටක් පමණි. එමගින් කිසිවෙකුටත් ධනාත්මක යමක් ලැබෙතැයි මම නොසිතමි. ලැබුණත්, නවක වදය නිසා මේවන විට අපට අහිමි වූ ජිවිත සහ අංගවිකල මෙන්ම දීර්ග කාලින මානසික ආබාධයන්ට ලක්වූ සොහොයුරු සොහොයුරියන් ගැන සිතන විට, ඒ ලැබෙන කිසිවක් මේ අහිමි වීම් වලට අලගු වත් තැබිය හැකියැයි මම නොසිතමි.  /

    .- නවක වදයේ පිළිකුල් මුහුණ - චන්දිම ගෝමස්

    වැඩිදුරටත් කියවීමට කැමැත්තේනම් පමණක්....:)

    ReplyDelete
    Replies
    1. නවක "වදයෙන්" හරයක් නෑ තමයි රවී. මං එකඟයි. නමුත් මං මේ රහයි කිව්වෙ එතනින් එහා ගිය වැඩසටහනකට. මං මේ ලියමනින් නවක "වදය" සාධාරණීකරණය කරන්නෑ කොයි මොහොතකවත්. පීඩාව, හිංසාව උවමනා නෑ අපිටත්.

      ලින්කුව කියවීමි. තුති.

      Delete
  8. නවකවදේ කියන්නේ එක්තරා සීමාවක් ඇතුලත බොහොම සුන්දර අත්දැකීමක්.
    එත් සීමාව ඉක්මවා ගිහින් මානසික රෝගීන් දෙන නවකවදය ඇතුලේ ඔය කියාපු සහෝදර බැඳීම,සුහදත්වය අරක මේක මොකුත්ම නැහැ. එතන තියෙන්නේ තනිකර "පරපීඩක කාමුකත්වය". එක මානසික ලෙඩක්. ඒවගේ ලෙඩ්ඩු කැම්පස් වල ඉන්න ඕන කමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක අනිවාර්යයෙන්ම පිළිගන්නව විභීෂණ. මං ලිපියෙ සඳහන් කළා, ඒ තරමටම බරපතල නොවුණත් මට පීඩාවක් වුණු සමහර අවස්ථා තිබුණ. නමුත් මගෙ විශ්ව විද්‍යාලය ඇතුළෙ නවකයන්ට තිබුනු රැග් බොහොමයක් පීඩාකාරී වුණෙ නෑ. බැචාලගෙ බැචියන්ගෙ නම් මතක තියාගන්න, කෑම කවාගන්න, මංගල උත්සව, ගීත ගායනා කරන්න, කණු අල්ලන් ඉන්න බැචාලට සපෝර්ට් එකට පවන් ගහන්න... ඇත්තටම විභීෂණ මේවනං "වදක" ගණේට දාන්න බෑ මට.
      නමුත් පීඩාකාරී ක්‍රියාවන්ට විරුද්ධවනම් කැම්පස් එක ඇතුළෙම අපි එකතු වෙන්න ඕනෙ.

      Delete
  9. ඹව්. නවක වදය පුද්ගලානුබද්ධයිග මං මේ කියන්නෙ නවක වදය කියප නාමමාත්‍රයක් නැති පීඨෙකින් ඊයෙ පෙරේද එළියට පැනපු ගමන්. ඇත්තමයි , ලේ පාට හීනෙන් කියලා තිබුණ වගේම සීනියර්ස්ල සුපර් සීනියර්ස්ල ගැන සුන්දර මතක ගොඩක් මටත් තියෙනවා. මුලදිනම් මං ලේ පාට හීන එක්කම මේව කියල බැනලත් තියෙනවා. ඒත් ඇත්තම කතාව තමයි අලුත පටන් ගත්ත මගෙ මේ රස්සාවෙදි එයාල මට ආයෙමත් හමුවුණාම පුදුම ලෙන්ගතුකමක් එයාලට තියෙනවා. මේ තනියම යන්න බැරි ගමනක්. ලොකු තල්ලුවක් ඕනමයි. ඉතින් ඒකට ඉදිරිපෙළ මැද පෙළ පසුලපළ තුනම ඕන.( තාමත් ගණන් දාන අය නැතුවම නෙවෙයි ) කොහොම වුණත් මතක් කර කර රසවිදින්න ඉතිරි වුණ ඒ අතීතෙට මං හරිම ආදරෙයි

    ReplyDelete
    Replies
    1. //කොහොම වුණත් මතක් කර කර රසවිදින්න ඉතිරි වුණ ඒ අතීතෙට මං හරිම ආදරෙයි//
      මාත් කෑ ගහන හිතැත්ති. අවංකවම කිව්වොත් මං තාම අවුට් වෙලත් නෑ, ඒත් ලෙක්චර් එකක උගන්නපු එක වචනයක්වත් මතක නෑ. ඒත් ඒ ලස්සන මතක ටික හිතේ තියෙනව. කොණකින් ඇදුණු ගමන් පෙරහැර වගේ එළියට පනින්න බලාගෙන.

      Delete
  10. කැම්පස් එකේ ඉන්නෙත් මිනිස්සුමනේ. නවක වදය හොදය, නරකය කියලා ලේබල් කරන අපි කවුරුවත් සර්ව සම්පූර්ණ නෑ. මේවා හැම එකක්ම මාතෘකා විතරයි.පාලි බෞද්ධ, බුද්ධශ්‍රාවක වගේ භික්ෂුන් නේවාසිකව ඉන්න විශ්වවිද්‍යාල වල දෙන වදෙත් ඔහොම තමයි. ඔය හැමෝම මිනිස්සුනේ. කොහොම උනත් තවත් කෙනෙක්ව පීඩාවට ලක්කරන මානසිකව ඇද වැටීමකට ලක්කෙරෙන දේවල් නම් නොවිය යුතුයි. ඒ හැරුනම සිදුවෙන අනිත් දේවල්නම් ජාතික තලයේ ප්‍රහ්න විදියට ගනන් ගත යුතු නෑ. ඔය අවුරුදු කිහිපයට ඔහොම ඒවත් තියෙන්න ඕන. ඒක මගේ පෞද්ගලික අදහසක් විතරයි.

    ReplyDelete
    Replies
    1. /මේවා හැම එකක්ම මාතෘකා විතරයි/ ඇත්ත මනෝ.
      //Priority දිය යුතු ඒව යට ගහල අවශේෂ කරුණු මතු කරල පට්ට රැල්ලක් හදන මාධ්‍යයට සහ බුකි ඇඩ්මින්වරුන්ට// කියල මං පෝස්ට් එකේ සඳහන් කළේ ඒ නිසා. අනික පරපීඩක මානසිකත්වෙ කැම්පස් ඇතුලෙ විතරක් නෙමේ, ඔය පෝස්ට් හදන, නිව්ස් හදන කිසි වරදක් නොකරන මහත්තුරු ඉන්න සමාජෙ ඇතුලෙ, ඔපීසි ඇතුලෙ, දේශපාලන පක්ෂ ඇතුලෙ.. එකී මෙකී නොකී හැමතැනම තියනව. ඒම නැතිනං බස් වල දි ගෑණු දරුවන්ට කරදර වෙන්න බෑනෙ, සේයලගෙ කතා අපිට අහන්න වෙන්නෑනෙ.. ඒවට වඩා කැම්පස් එකක් ඇතුලෙ ඒ වගේ සිද්දියක් වුණාම මතුවෙලා එන හේතුවයි මෙතන ගැටළුව.

      Delete
  11. හරි ලේ නංගි. මං උඹත් එක්ක 100% එකඟයි. මගෙ යකා ඇවිස්සෙන්නෙ කිසිම හොයා බැලීමක් නොකරබ නිකං පිස්සු නටන එකටනෙ.

    මමත් රැග් මුවාවෙන් කිසිම මානසික හෝ ෂාරීරික පීඩාවක් කරනවට අකමැති කියන එක කියන්න ම ඕනෙ. වැට් දැන් අමතකයි. මැරයංගෙ ගුටි කෙලි දැන් අමතකයි. අනේ සංසාරේ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි කසුන් අයියෙ. ප්‍රභාකරන් කිව්වෙ බොරු නෙවෙයි බැලුවම. හොයා නොබල, මුකුත් නොදැන නිස්කාරණේ කිසි වරදක් නොකරපු අයටත් එක්ක කතා හදන එකයි වේදනාව.

      Delete
  12. හීන මම නම් කැම්පස් ගිහින් නෑ ඒත් කාටත් වචනෙකින්වත් හිරිහැරයක් වෙන දෙයක් නොකල යුතුය කියන මතයේ ඉන්නේ...(අපේ රටේ සංස්කෘතික දේවල් අපිට වටිනවා ඒත් සමහර දෑ වෙනස් විය යුතුයි විනීතව..)
    මම දැකපු දෙයක් තමා මම ඉන්න රටේ ලදරැ පාසල් වල ඉදන් විශ්ව විද්‍යාල වෙනකම් ළමයි අදින ඇදුම ගැන තියා අනික් අය කන බොන දේ ගැන වත් හොයන් නෑ ඉගෙන ගන්න අය හොදට ඉගෙන ගන්නවා තමන්ගේ දක්ෂකම් වලින් කාටත් වදයක් නොවි ඉදිරියට යනවා...දවසක තමන්ගේ රටට වැඩදායි පුද්ගලයෙක් විදිහට සමාජගත වෙනවා.. මේ ගැන ලිව්ව එකට තුතී නංගෝ

    ReplyDelete
    Replies
    1. අපේ රටේ තාම එහෙම තත්වයක් නෑ කිඹුලි. ලදරු පාසල- විශ්ව විද්‍යාලෙ විතරක් සඳහන් කරල මොකටද, සමාජෙම වැඩි දෙනෙක්ට පාඩුවෙ ජීවත් වෙන එක පුරුදු නෑ. ඒක අඩුපාඩුවක් වෙන්නැති අපේ රට සෑහෙන්න පස්සට අඩින්න පුලුවන් තරමෙ. ස්තූතියි කොමෙන්ටුවට.

      Delete
  13. ඔබ දන්නවාද නවක වධය නිසා නවකයන් 20 ක් මරුට..! 27000 ක් සරසවි හැර ගිහින් බව

    ReplyDelete
    Replies
    1. නවක වදය නිසා ඒ ගාන. එතකොට විභාග පීඩනය නිසා කීදෙනෙක් දිවිනහගන්නවද? උසස්පෙලදී??

      Delete
    2. පහවසර ශිෂ්‍යත්ව පීඩනයට මුහිණ දෙන්න බැරිව රෝගී වූ දරුවන් ගැන කිසි කතාවක් නෑ

      Delete
    3. මේක හැම පැත්තටම තර්ක කරන්න පුලුවන් මාතෘකාවක් ට්‍රාන්ස්. මුල්ම ගොඩවැදුම හන්දා වෙල්කම් කියලත් ඉන්නම්කො.
      ගෘහස්ත හිංසනය හින්දා ජීවිත නැතිකරගන්න, අවුල් කරගන්න දරුවො ගැන සංඛ්‍යාලේඛනත් තියෙනව. බස් එකක නිදහසේ යන්න බැරුව යන අවස්ථා අපිටත් තියනව. පාරෙ ඇවිදන් යන ටිකට සරදම් වචනයක් අහන්නැතුව යන්න බැරි තැන් එමට. තමන්ගෙම නෑදෑයො අතින්, තාත්තල, සහෝදරයො අතින් දූෂනය වෙන ගෑණු දරුවො ඉන්නව, ආදරෙයි කියල රවට්ටල ලිංගික තෘප්තිය අරන් අතාරින ගෑණු දරුවො, ඇත්තටම ආදරේ කරපු කෙල්ල දාල ගියාම පිස්සු වැටෙන කොල්ලො... මේවත් හිංසන, වධ, පීඩන තමයි. ඒවත් මේ විදියටම කතා වෙනවද...?
      මං කියන්නෙ කොතන වුණත් හිංසාවක්නම් විරුද්ධ වෙන්න, කතා කරන්න. එහෙම නෑනෙ. මේ දෝෂාරෝපණ කරන බොහොමයක් අය තමන්ගෙ බිරිඳව පරිස්සමට ගෙදර එක්කෙන්න යනගමන් පාර යන ගෑණු ළැමයෙකුට නුවුමනා විහිලුවක් කරල යනව වෙන්න පුලුවන්. (හැමෝම නෙවෙයි.. ඒත් එහෙම නෑ කියන්න බෑ, ගෑණු ළමයි සාක්කියි )

      Delete
  14. ඕනෑම තැනකදී සිදුවන පීඩාව වැරදිය.එකහෙළා පිළිගනිමි.එය පටු මානයකට කොටු නොවන්නක් විය යුතුය.සැමියා බිරිඳට යොදන පීඩාව, ආයතනික ප්‍රධානියා සේවකයන් මත යොදන පීඩාව, ආචාර්යවරුන් සිසුන් මත යොදන පීඩාව,පාලකයන් පාලිතයන් මත යොදන පීඩාව ඒවා සියල්ලම පීඩාවන් වේ. එහෙනම් ඇයි මේ රැග් එක විතරක් විශේෂ එනම්, මීඩියා ඒවා උලුප්පා දමා පාලක පක්ශයෙන් ලකුණු දා ගැනීමට උත්සහා කිරීම නිසාය. රැග් එක කියා සමාජය හඳුන්වනු ලබන සිද්ධිය පසුගාමීය. එහෙත් නවක අනුයෝජනය යනු පට්ටම වැඩකි. එය නැතිව විශ්වවිද්‍යාලීය උප සංස්කෘතියට පැවැත්මක් නැත. එවිට විශ්වවිද්‍යාලයයන්හි ජීව ගුණයද නැති වේ. ආපහු 1st year යන්න කැමතිද? එක පයින්ය. එතරම් සුන්දරය. ඒත් තැනින් තැන සිදු වන බහුතර ශිෂ්‍යයන් අනුමත නොකරන ජුන්නන්ගෙන් ආතල් ගැනීම වැරදිය. එය සිදු කරන අය එම තත්ත්වයට පත් වූ හේතුව තේරුම් ගත යුතුය. ඒ තවකෙක් මත මුදා හරින පීඩාවේ නිර්මාතෘන් කවරහුද යන්න අප තේරුම් ගත යුතුව ඇත. නැතුව මීඩියා දෙන ඕන ලබ්බක් මෝඩයන් සේ ගිල නොදැමිය යුතුය. මීඩියා යනු මිනිසුන් මර්දනයේ එක් මෙවලමක් පමණී. එය කවදාවත් සාමාන්‍ය ජන මතය වෙනුවෙන් පෙනී සිට නැත. හුදු ලාභය තකා පමණක් ක්‍රියා කරයි. එහි පාලකයන්ද දේශපාලකයන්ම වේ. උන්ගේ මගුලට අත්සන් කරන්න එනනේ ජනපතිය නැතහොත් අගමැතිය. එනිසා උන් කවදත් එක පැත්තේය. අපි උන් මරාගනිල්ලා කියන වෙලාවට මරාගනී. එවිට වැට් අමතකය,SITAM අමතකය, වාහන පර්මිට් අමතකය, උන් අපට පටි තද කර ගනිල්ලා යැයි කියා විදින රජ සැප අමතකය. දේශපාලනයත් "මේ ආදරයයි" වගේය. හැමදාම කුමක් හෝ ජංගි ප්‍රශ්නයක් ඇද ගනී.නැත්තම් මිනිසුන් දැහැන් ගතව සිටින ෆැන්ටසියෙන් අවදි වුව හොත් රට කරගෙන යාමට බැරිය. ඉතිං ලාංකික ජනතාවනි උන් අපිට මරා ගන්න අවසර දී ඇත දැන් අපි මරා ගනිමු......
    (මචං "ලේ" උබගේ මේ පෝස්ට් එකේ කියලා තියෙන "වරෙන් යන්න අපිත් එක්ක" ගැන දානව කියන ඊළග පොස්ට් එක දාන තුරු බලා සිටිමි. එය අපේ FB page එකට share කිරීමට අවසර පතමි.)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චෙක් අදහස මෙච්චර දිගටම කුරුටු ගෑවට. 100%ක්ම මං එකඟ නොවුණත් තමන් දර මතේ අපූරුවට ලියල. ඔන්න හැමපැත්තෙන්ම අදහස් පිරිල මගෙ පෝස්ට් එකේ. මට දැනෙන්නෙ මාරම සතුටක්. මේක දාපු එක වටිනව මචෝ.
      //හැමදාම කුමක් හෝ ජංගි ප්‍රශ්නයක් ඇද ගනී.නැත්තම් මිනිසුන් දැහැන් ගතව සිටින ෆැන්ටසියෙන් අවදි වුව හොත් රට කරගෙන යාමට බැරිය. ඉතිං ලාංකික ජනතාවනි උන් අපිට මරා ගන්න අවසර දී ඇත දැන් අපි මරා ගනිමු......// මේ ටික පට්ටෙට කියල තියෙනව.

      Delete
  15. ආයෙ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.. අතිශ්‍යෝක්තියට නඟපු කාරණා යතාර්ථයක් කරගෙන තියෙනවා ගොඩ දෙනෙක්.
    ලංකාවෙ ඉදිරි කාලය තීරණාත්මක විය හැකියි.විවිධ වෙනස්කම් සිදුවිය හැකියි.ඒවාට මුලින්ම සංවේදී වෙන්නෙ තරුණයන්.තරුණයන් රාශිගතවී ඉන්න තැනක් සරසවිය.ඒ තුලින් රටට දැනන හඬක් මතුවිය හැකියි.එය ඇතැම් දේශපාලන පක්ශ විසින් විකුණාගෙන කන අතර ඇතැම් පක්ශ වලට කන්දොස්කිරියාවක්.
    හොඳම දේ ඔවුන්ට තියෙන පිළිගැනීම නැති කිරීම.
    බොන බෙහෙත් පෙත්තට වැට් ගහලා කාර් ගන්න එක යට යවලා රැග් එකක් අල්ලන් උඩ පනින එක බුකියෙ වෙන එක ගැන දුකක් නෑ.මොකද ඒ පේජ් මේ වෙනකොට විකිණිලා ඉවරයි.
    අඬලා.... අඬලා... අඬලා කිරි එරවගන්න ඕන තත්වයක් දැන් කැම්පස් වල තිය්න්නෙහැබැයි අඬන එකට පනිශ්මන්ට් ශුවර්.ඒ නිසා නැති එකමුතුවක් බොරුවට පෙන්න ගන්න රැග් එක කියන එක භාවිතා වෙනව කියන එකයි ගස්ලබ්බගෙ මතය.මේක සමහර රෝගීන් විසින් පාවිච්චි කරන අවස්ථා නැත්තෙ නෑ.හරියට වෙන තැනක ඒ පිස්සන්ව එලවලා දාන එක එසැනින් ක්‍රියාත්මක වෙනවා.
    කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා රැග් එක ගැන කථා කරන එකේ ලල් එකක් ඇති.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++

      //කොහොම උනත් කැම්පස් වල සිලබස් අප්ඩේට් කරන එක ගැන කථා කරනවාට වඩා// මර නිලයක් ඇල්ලුවා ගස්. මේක තමයි කොමෙන්ට් එකේ මට අහුවුණ හොඳම කොටස.
      හිතල හිතල ආයෙත් හිතන්ට ඕනෙ කොමෙන්ටුවක්.

      Delete
  16. මේකත් හරියට විධායක ජනාධිපති ක්‍රමේ වගේ. හොඳ කෙනෙකුට හම්බවුනොත් ටිකක් හොඳයි. පිස්සෙකුට හම්බවුනොත් අන්තිමටම කපෝතියි.

    කෙසේ වෙතත් කෙනෙක් තවකෙකු කායික හෝ මානසික අපහසුතාවයකට පත් කිරීම ශිෂ්ඨ සමාජයක් කිසිසේත් අනුමත නොකරයි.

    ReplyDelete
    Replies
    1. ඒ පිස්සොන්ගෙ වැඩ ටික කැම්පස් එකෙන් අතුගාල දාන්න පුලුවන් පිරිසක් එකතු වෙලා. එදාට කැම්පස් එක තවත් සුන්දර වෙයි.
      /කෙසේ වෙතත් කෙනෙක් තවකෙකු කායික හෝ මානසික අපහසුතාවයකට පත් කිරීම ශිෂ්ඨ සමාජයක් කිසිසේත් අනුමත නොකරයි./ admit it

      Delete
  17. මේක දැක්කම මට මතක් වෙන්නෙ අපේ නඟා දවසක් කිව්ව කතාවක්... උෟ පේරා කැම්පස් එකේ පළවෙනි දවසේ හවස ගෙදරට කෝල් ක‌ෙළ් අඬ අඬ... අපි කට්ටියම උෟට හිනා උනා හිටපං තව ටික දවසකින් ඕක හරියයි කියල... ඊළඟ දවසෙ උෟ අල සෙට් එකකට සෙට් උනා.. රැග් වලට ලක් නොවීමේ තීරණය තනියෙන් අරගත්ත.. තමන්ට තියෙන ඩෙනිම් දෙක ඇඳගෙන දිගටම කැම්පස් ගියා... උන්ගෙ සෙට් එක ට්‍රිප් ගියා. ආතල් ගත්තා.. කොල්ලො කෙල්ලො සෙට් උනා.. අන්තිමට උපාධි අරගෙන රජයෙන් රස්සා දෙනකං ඉන්නෙ නැතුව රැග් කාරයන්ට කලින් ජොබ් හොයාගත්ත... උෟ කිව්වෙ රැග් දීලා අන්තිමට ගෙම්බා කැන්ටිමටයි අලුත් අයිටී ලැබ් එකටයි යන්න දෙනව.. ඒක නැති උනාට මැගී නූඩ්ල්ස් කාලා හරි ලෙක්චර්වලට යන්න පුළුවන්නෙ.. පොඩි ප්‍රිවිලේජ් එකකට කුණු කතා අහන්න කිසිම උවමනාවක් නෑ මට කියල...

    ReplyDelete
    Replies
    1. එක එක්කෙනාට විවිධාකාරෙ අත්දැකීම් තියෙනව කෞෂි අක්ක. මං ඒ විදියෙ කුණු කතා, කුණුහරුප අහල නැති නිසා මට ඒ අත්දැකීම ලස්සනට පේනව ඇති. ඒ නැතත් ජීවිතේ කොයිතරම් අමාරු මතක වුණත්, ඒ ප්‍රශ්නෙන් මිදිල පස්සෙ ඒ දිහා බලද්දි සරලව, ලස්සනට පේන එක හැටිද මන්දා. මං ලිව්වෙ ඒ ගැන... ස්තූතියි මේ පැත්තෙ ආවට. මුල්ම ගොඩවැදුමනෙ, දිගටම එන්න...

      Delete
  18. නවක වදය ගැන මං නං කියන්නෙ මෙහෙම කතාවක්.අමානුෂික විදියට සිදු වෙන නවක වදය ඉතාම නින්දිතයි.අනික් අතට වදය කියන වචනයෙන් ම පරපීඩනයක් ගැන කියවෙනව..

    ඊළඟ පැත්ත... රැග් එක මුලිනුපුටා දැමීමෙන් සිද්ධ වෙන්නෙ නවකයන් හා ජ්‍යෙෂ්ඨයන් තියා එක ෆැකල්ටියෙ ළමයිවත් එකිනෙකා අඳුනගැනීමට බාධා වෙන එක.ළමුන් එකිනෙකා අඳුනාගත යුතුයි.නමුත් ඒ අඳුනාගැනීම සිද්ධ විය යුත්තෙ වද දීමකින් නොවෙයි.. සුහද විදියටයි..

    ReplyDelete
    Replies
    1. ඔබ ඉන්නෙත් මගේ අදහසේමයි වර්ෂා... මං කියන්නෙත් මැදහත් වැඩසටහනක් තමයි. හිංසාව, පීඩනය නැති කරන එකනම් කළ යුතුමයි.

      Delete
  19. ඔන්න අපිත් ඇවිත් යන්න ආවා.

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා... මේ පැත්තට බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නව.

      Delete
  20. මගේ ජීවිතේ කිසිම දවසක කිසිම රැග් එකකට මුණ දීල නැහැ.. කිසිම තැනකට රැග් ඕන කියලා මං හිතන්නෙත් නැහැ.. කොහොම උනත් සුන්දර රැග් අත්දැකිම් ගැන ලිපි කිපයක්ම කියෙව්වාම මොක්ක්දෝ අඩුවක් රැග් විඳල නැති එක ගැනත් දැනුනා.. විවිධ අදහස් තියෙන්නම ඕන ජිවිතය සුන්දරව ගෙවන්න නම්..හැබැයි ඇස් රතු නොකර...

    ReplyDelete
    Replies
    1. චතූ මේ පැත්තෙ ඇවිත්... වෙල්කම් වේවා.

      මට සතුටුයි ඒ අත්දැකීම මට වදයක්, පීඩනයක් නොවුණු එකට චතූ. ඒව මට ලස්සන මතක ගොඩක් ඉතිරි කරල තියෙනව අද, ආපහු හැරිල බලද්දි. කළු පාට මතකත් නැතුවම නෙවේ...ජීවිතේ හැමතැනම සුදු නෑනෙ, සමාජෙත් එහෙමයි. ඉතින් කැම්පස් එහෙම නොවී කොහොමද... එහෙ ඉන්නෙත් මේ සමාජෙ ඇතුළෙන් ආපු අයමයි.

      Delete
  21. නවකවදය දැන් ඔය වචනය ඇතුලෙම තියෙනවානේ "වදය"කියන එක.මගේ අදහස කිසිම ආකරයක වධයකට කිසිවෙකු ලක්කිරීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුයි.වධකයා කියාවි මේක මේ සුළු රැග් කිරිල්ලක් කියලා.නමුත් ඒ වධයට ලක් වෙන්නට එක සුළු එකක් නොවෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මට අලුත් යාළුවො ගොඩයි අද. ස්තූතියි මනෝජ්... ආයෙ එන්ටෝ.

      Delete
  22. ඊයේ සරසවියට අයදුම්පත් දැම්මා බය කරන්න එපා අපිව

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක්වත් බය වෙන්නෙපා මල්ලි. ඔයාට අපූරු අවස්ථාවක් හම්බෙන්නෙ, ජීවිතේ ගැන ඉගෙන ගන්න, විවිධාකාරෙ මිනිස්සු එක්ක ගණුදෙනු කරන හැටි අත්දැකීමෙන්ම ඉගෙන ගන්න, කට්ට කාල ජීවිතෙ පිළිවෙළට අහුරගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න, වැටි වැටි නැගිටින්නෙ කොහොමද කියල දැනගන්න... ඔයා මේ ලොකු විවිධ වෙච්ච සමාජෙට යන්න කලින් ඔයාට රිහසල් එකක්. බය නැතුව යන්න.... කියන තරං යකා කලුත් නෑ.

      Delete
    2. ගිහින්ම බලමුකෝ හිටන්

      Delete
  23. මම ඉන්නෙ කිසිම කෙනෙක්ට නවක වදය හෝ නවක අනුරූපිතාවය යන නමක් යටතේ කායික හෝ මානසික කිසිම පීඩාවක් නොවිය යුතුයි යන අදහසේ.

    ReplyDelete
    Replies
    1. සිතූ බිසී වගේ... ස්තූතියි ඇවිත් නිකංම නොගිහින්, අඩි සලකුණකුත් තියල ගියාට. හයියක් මට

      Delete
  24. හමුදාවෙත් නවක වධය ලැබෙනවා. සමහර ඒවා ලියන්න බැරිතරම් දරුණුයි. මම අණදෙන නිලධාරියකු වශයෙන් කටයුතු කරද්දී, අලුතෙන් පැමිණි නිලධාරීන්ට, යම් කිසි නිලධාරීන් කීපදෙනෙකු විසින්, මත්පැන් පොවා වැවක පීනන්නට දමන්න හැදුවා. මම කිව්වා, එම වධය නියම කරන නිලධාරීන්, අර නවක වධය ලබන නිලධාරීන්ට අනතුරක් වීම වලක්වා ගැනීම සඳහා, ඔවුන් සමග වතුරට පැනිය යුතුයි කියා. වධය එතැනින්ම ඉවර වුනා. අර වධකයන්ට හරියට පීනන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කැම්පස් එකේ, හමුදාවෙ විතරක් නෙවේ විචාරක.., සමාජෙ හැමතැනම නවක වදේ නේන්නං. අලුතෙන් ඔපීසියකට ගියත් රැග්,කේක් හරි ඉල්ලල වදේ ගහනවනෙ පාරක බහැල ගියත් පාරෙ අයිනෙ ඉන්න පිරිමි ළමයින්ගෙන්, ටුක් ටුක් අය්යලගෙන් රැග්. වෙන එකක් ඕනෙනෑ, ඔෆිස් යන අය නිතර යන්න පුරුදු වෙලා ඉන්න බස් එකකට, කෝච්චියකට නැග්ගම බලන්නකො, කොයිතරං නවක වදයක්ද හම්බෙන්නෙ කියල. නවකයෙකුට ඕනෙ තැනකින් පොඩි හරි පීඩනයක් එනව තමයි. ඕක ඉතිං බෙල්ලෙ බැඳගත්තොත්නං ජීවත් වෙනව බොරු.

      විචා මාමා හැමදාම එනෝ... සතූ...ටුයි.

      Delete
  25. Replies
    1. නවකවදය ඇණයක් වෙන්නෙත් , සුන්දර වෙන්නෙත් තමුන් ඒක බාරගන්න ආකරය අනුව තමා

      Delete
    2. ඉවාන්... බොහොම ආදරෙන් සාදරෙන්, (භ )බක්තියෙන් පිළිගන්නව මේ පැත්තට. සතුටෙ උපරිම ඈ... ප්‍රවීණ බ්ලොග්කරුවන්ගේ ආගමනය.

      /නවකවදය ඇණයක් වෙන්නෙත් , සුන්දර වෙන්නෙත් තමුන් ඒක බාරගන්න ආකරය අනුව තමා / සීයට දෙසීයක් එකඟයි ඉවාන්. හුඟක් දෙනා මේ වැඩේට හොඳ/නරක පිටවැස්ම අන්දලා තියෙන්නෙ තම තමන් විඳපු, දැකපු දේවල් අනුව. මං සමහර තැන් ලස්සනයි කිව්වෙත් මගෙ අත්දැකීම අනුව. එකාතකින් අසාධාරණත් නෑ.. අපි ජීවිතේට අර්ථකථන දෙන්නෙත් අපි විඳින විදියටනෙ.

      Delete
  26. ඔයාගෙ මෙතන කියන සමස්ත අදහසට එකහෙලා විරුද්ධයි.
    01."හොඳ හෝ නරක" වියහැකි "වධය" හෝ "පීඩනයට පත්කිරීම" හෝ එවැනි "අනෙකාට අවශ්‍ය නොවන හැසිරීමක්" තියනව නං ඒක ප්‍රතික්ෂේප කරනව. ඊට විරුද්ධ වෙනව.

    02.නවකවධය හොඳයි කියන පිරිසට/වවකවධය නිසා සතුටුවුනා/නවකවධය නිසා අනාගතයේ සුන්දර මතකයක් ඉතිරිවෙනව කියන පිරිසට ස්ව කැමැත්තෙන් වධයට ලක්වුනාට අපේ විරුද්ධත්වයක් නෑ. හැබැයි වි.වි.ට ඇවිල්ල රෙජිස්ටර් වෙන හැම කෙනාටම නවක වධය දෙනව නං ඒක වැරදියි, ඒක නැවැත්විය යුතුයි, තහනම් කල යුතුයි, කරන අයට දඬුවම් කලයුතුයි.

    03.නවකවධය තුලින් පිරිසක් මියගොස් හා තවත් පිරිසක් වි.වි. අතහැර ගිහිල්ල තියනව කියන එකෙන් වි.විවල තත්වය මොකක්ද කියන එක පැහැදිලියි. ඒක සාධාරණිකරණය කරන්න බෑ.

    04.නවකවධය පුද්ගලානුබද්ධයි. කෙනෙකුට‍ සුන්දර තව කෙනෙකුට‍ අසුන්දර වගේම කෙනෙක් සුන්දරවත් තව කෙනෙක් ම්ලේඡ්චවත් කරන්න ඉඩ තියන දෙයක්. ඒ වගේ දෙයක් සම්බන්ධව තීරණය ගනිද්දි සැලකිල්ලට ගන්න ඕන කාරණා තියනව. උදාහරණයක් විදියට පිහි ඇනුම් නිසා මියයන පිරිස විශාලයි. නමුත් පිහිය කියන්නෙ තහනම් ආයුධයක් නෙවේ. ඒක එහෙම වෙන්නෙ පිහියේ ප්‍රයෝජනය සලකල. තුවක්කුව කියන්නෙත් එවැනි ආයුධයක්. නමුත් ඒකෙන් මතුවෙන ප්‍රශ්න සහ ප්‍රයෝජන දිහා බලල තමයි තුවක්කුව තහනම් වෙන්නෙ. නවකවධය සම්බන්ධ මගේ ප්‍රතිපත්තියත් සකස් වෙන්නෙ ඒ වගේ කිරා මැන බැලීමෙන් පසු.

    05.අවසානයට තියන "අනෙක් ප්‍රශ්න අමතක කරන්න නවකවධ විරෝධය යොදාගන්නව" කියන එක ගැන තියෙන්නෙ පිළිකුලක්. ඒකත් පාලකයන් තමුන්ගෙ ප්‍රශ්න අමතක කරගන්න කියන ජාත්‍යන්තර කුමන්ත්‍රණ කතන්දර වගේ. සමහර විට පාලකයන් මේ දේවල් ප්‍රයෝජනයට ගන්නව ඇති. (ක්‍රිකට් තරගාවලියක කප් එක ගත්තම පහුවදාට බදු ගහපු රටක්නේ මේක) හැබැයි වැරැද්ද පාලකයන්ගෙ නෙවේ, පාලකයන්ට ෆ්‍රීහිට් හදල දෙන උදවියගෙ.

    [මම 2002-2006 කාලෙ වි.වි.සිසුවෙක්ව සිටි කෙනෙක් (රුහුණෙ). අපේ ෆැකල්ටියෙ රැග්එක තිබුනෙ නැතත් අනෙක් ෆැකල්ටිවල රැග්එක දැකල තියනව. සිසුවියන් පෝලිමට තියල කුණුහරුප කියන "අයියල" සහ "අක්කල" දැකල තියනව. ඒ කුණුහරුප අහපු "නංගිල සහ මල්ලිල" අද දරන මතය මොකක්ද කියල දන්නෙ නෑ. හැබැයි මට නං ඒක එදත් අදත් පිළිකුල් සහගත දෙයක් පමණයි]

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිගම දිග කොමෙන්ටුවට. වෙල්කම් මේ පැත්තට. මාත් රුහුණෙ තමයි රාජ් අයියා.
      මං ලිපියෙ සඳහන් කළා මේක මගෙ පෞද්ගලික අදහස බව. මං ලිපිය ලිව්වෙ මගේ අත්දැකීමෙන් සහ මං දුටු දේවල් වලින්. විවේචනයට, විරුද්ධ වෙන්න ඕනෙ කෙනෙකුට අයිතියක් තියෙන්නෙපැයි. අයියගෙ අදහසට ගරු කරනව, නමුත් මට තියෙන්නෙ මැදිහත් අදහසක්. ලිපිය පුරාම මං ලිව්වෙ ඒකයි.
      මෙච්චර ප්‍රබල විදියට මගෙ මතය ප්‍රශ්න කරපු කොමෙන්ට් එකක් ලැබුනමයි..(මං බ්ලොග් එක පටන් අරන් මාසයක් විතර නිසා), ටිකක් බයත් හිතුන. මට අලුත් අත්දැකීමක් අය්යෙ. ස්තූතියි.

      Delete
  27. විකෘති මානසිකත්වය හා හීන මානවකයින් පොරත්වය ඉස්මතු කර ගැනීමට සොයන මාවතයි නවකවදය කියල මම දකින්නේ. මමත් රග එක ඇති අමානුෂික ආකාරයට අත් වින්ද කෙනෙක් හැටියට අපි අපෙන් පස්සේ සම්ප්‍රදාය වෙනස් කළා. එත් අපි බිහිකරපු දේවල් පැවතියේ අපි සිටිනකන්ම පමණයි, අපෙන් පසු මාවත් වල උන් යලි සුපුරුදු මාවතේම ගමන් කරන්න වුනා.

    ReplyDelete
    Replies
    1. අපේ කැම්පස් එකේ තිබුණෙත් ඒ වගේ තත්වයක් ලු, නමුත් අපේ ජේෂ්ට සහෝදරයො පිරිසක් ඒක වෙනස් කරගෙන තිබුණ. ඒක පවතිනව.ඒ නිසා තමයි මටත් රැග් ගැන මෙහෙම ලියන්න පුලුවන් වුණේ...

      Delete
  28. මට නම් හිතෙන්නෙ ඔය මොන දේ හැදෙන්න කියලා එක එක හේතු හොයාගෙන නවකවදය හරි වෙන තැන් වල රැග් එක හරි කලාට ඔය කියන දේවල් හැදෙන්නෙ නම් නැ.. එක්තරා කොටසකට තියන අමතක කර ගන්න බැරි කටුක මතකයන් , කුහකකම් එලි දැක්විමක් මිස .. කියන විදිහට රැග් නිසා නිහතමානි වෙලා පොළවෙ පය ගහල හැමෝම සමානව දකිනව නම් ලංකාව තාම තුන්වෙනි ලොකේ රටක් වෙන්නෙ බැ මං හිතන්නෙ...තාමත් ඔය මොන රැග දුන්නත් බලය තියන කෙනා කොහේ ගියත් දුබලයව යට කරන්න ලොකේ නැති නැටුම් නටනවා... හික්ස්..

    ReplyDelete
  29. නවකවදයත් හරි කැම්පස් ජීවිතෙත් හරි. දැන් හිටුකො තව දවස් ගානක් ගෙදර .. කැම්පස් ආයෙම වහල -_-

    ReplyDelete
    Replies
    1. අනේ පව්. අපරාදෙ ලංකාවෙ තරුණ ජිවිත කාලය කා දමන..

      Delete
    2. අපොයි වහලද... කාලෙනම් අපරාදෙ ඇත්තටම.

      Delete
  30. නවක වදය යනු මා සිතන ආකාරයට අනෙකාගේ පුක කැහීමකි...ඒ කා ඒකාට ඕනෑ ආකාරයට ඉන්ඩ නොදී වදදිදී හැඩ ගැස්සවීම මොනතරම් අශිශ්ටද...සමානාත්ම තාවය...බම්බුව තමා....ඔච්චර ඉගෙන ගෙන එන ලමයිට සමානාත්ම තාවය කියල දෙන්ඩ ඕනෙ ඔහොමද?....හැක් හැක්......ඕඅක කොරන්නෙ විස්ස විද්‍යාලෙ සීනියර්ල උන් ලොක්කො කියල පෙන්නන්ඩ....අනේ ඉතින් අවකයො කියනව ඒව එයාට හරි රසවත්ලු..හම්මට......මගෙ එහෙම මොක්‍රක්වත් පුක කහන්ඩ ආවොත් උගෙ අත උඩම රෙනව.....(පුක යනු කුනුහරපයක් නොවේ-ක.කා)

    ReplyDelete
    Replies
    1. කීප් කාම් පුතා...ඕහ් මයි බට්න්ස්, හිස් වර්ඩ්ස්....

      රසික පාඩම් කරන්න නේද ගියෙ? අනේ අනේ.

      Delete
  31. පැමිණියෙමි.. කියවූයෙමි කියල යන්න හැදුවේ.. මොකද ලේපාහී මෙතන කියන මුළු කතාවේම හරය ගත්තම මම ඒකට විරුද්දයි.. කොටස් වශයෙන් එකඟ වෙන්න පුළුවන් තැන තියෙනවා නමුත් ඒ ඒ දේවල් ගැන දිගට ලියන්න වෙලාවක් නැහැයි කියල හිතුනු නිසා..ආයෙම කෙටියෙන් කියන්නම්.. Ragging, bullying, punishment සහ පළිගැනීම් වලත් දරුණුම අවස්ථා වගේම රසබර අවස්ථා (සාපේක්ෂව ඉතාම අඩුවෙන්) ලබලා තියෙනවා.. පසු කාලීනව ඒ කිසි දෙයකින් අවැඩක් මිසක් හොඳක් නොවුණු බව ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙනවා.. ඒක නිසා මොනම ආකාරයකවත් ශාරීරික, මානසික පිඩනයකට ලක් කරලා 'එකිනෙකා දැන අඳුන ගන්න/ හිතවත් වෙන්න' කටයුතු කරනවා කියන බොහොම අහිංසක මට්ටමේ රැගකටවත් මම එකඟ නෑ. ජේෂ්ටයෝ විදියට මිට වඩා බොහොම නිර්මාණාත්මක ප්‍රවේශයකින් ආධුනිකයින් අතර තම ගරුත්වය රැකගෙන දැන හඳුනා ගැනීමේ ක්‍රම වලට යන්න තරම් හැකියාව හා දක්ෂ විය යුතුයි.. මේ දවස් වල (වයසට ගිහින් උනත්) පළමු වසරේ සිසුවෙක් විදියට ලංකාවේ විශ්ව විද්‍යාලයකදිම ඒ සුන්දර අත්දැකීමත් විඳිනවා.. අහ.. ඒක මගේ පුද්ගලානුබද්ද අදහස :)

    ReplyDelete
    Replies
    1. /ජේෂ්ටයෝ විදියට මිට වඩා බොහොම නිර්මාණාත්මක ප්‍රවේශයකින් ආධුනිකයින් අතර තම ගරුත්වය රැකගෙන දැන හඳුනා ගැනීමේ ක්‍රම වලට යන්න තරම් හැකියාව හා දක්ෂ විය යුතුයි.. / එළ අයිඩියා...-කරනව නං.

      විස්ස විද්‍යාල ජීවිතේට සුබ පැතුම් ක.මි. එහෙනං මං කමියට සීනියර් ඔන්න යන්තං එක දේකිං. හා හා...
      ස්තූතියි අදහසට. මේ තරං දිගට කොමෙන්ට් කෙටුවටත්, පැමිණියෙමි- කියවූවෙමි විතරක් නොලියා. අපි ඉතිං විවිධාකාරෙ අදහස් තියෙන මිනිස්සුනෙ ක.මි. ජෛව විවිධත්වෙ.. මං ගරු කරනව හැබැයි මට වඩා වෙනස් මත වලට.

      Delete
  32. ඇත්තටම ඔයා කැම්පස් පොරක් අනාගතේ දේශපාලනයට සුදුසු කම් ගොඩක් ඇත .
    පටන් ගත්තේ රැග් එක අවසානය ආණ්ඩුවේ වැරදි හොයනවා ප්‍රෂ්ණයට උත්තර හොයන්න්නේ නැතිව වැරදි පාරේ යනවා
    ඔයාට සුන්දර සොමි රැගක් ලැබුනට මානසික පීඩාවට ලැබුන අය ගැන දන්නවද.?
    ජනප්‍රිය නිලි යසෝදා විමලදර්ම ගෙන් අහල බලන්න පීඩනය කොතරම්ද ? පියතුමාගේ මරණයට හේතුව මොකද්ද කියලා

    ReplyDelete
    Replies
    1. This was my idea & experiance Ano. It was clearly mentioned. There is no need to attend a university to be a politician in Sri Lanka.. I saw Yashoda's story from facebook. We all are differnt people with different visoins. That's the beauty of universe- the diversity. Thank you for your idea, comment & no idea to be a "parliment joke".

      Delete
  33. මට නම් නවකවදය කියන වචනෙත් වදයක්...

    ReplyDelete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...