Friday 27 May 2016

ආපසු හැරෙමි


නෙතු වසමි
නෙතු පියන් කිටිකිටියේ  වසමි....

සඟවමි...
කෙලවරක් නැති මතක සඟවමි

ඔතමි
නුඹ හිඳි හීන බරම බර ගල් වල ඔතමි

පතුලේම ගිල්වමි
කලුවර අගාධයට අතහරිමි

 පුංචිම මතක සඟවමි
නුඹ හිඳීදැයි බල බලා සඟවමි

යළි අදිමි සැඟවූ තැනින්
ඉතිං හඬමි

ඉකිලමි
රිදෙන හදවත මිරිකා ගනිමි

සිහිකරමි
නුඹේ ඊතල රොස් පරොස් උහුලමි

වැලහින්නකව වැලපෙමි
ප්‍රේමය වංචාවකැයි දන්න දන්නා වුනට කියමි

තේරුම් කරමි
ඔබ යළි නේන වග හිතට මොර දී කියමි

ආපසු හැරෙමි
සියවසක් හඬන්නට කඳුලු හිරකර සමු දෙමි....

56 comments:

  1. එවමි
    පෙම් හසුන් ඔබ වෙත එවමි...

    පතමි
    නුඹ මම ප්‍රේමයෙන් පතමි...

    ඉතින්...හිනැහෙන්න...සොඳුර.....

    ReplyDelete
    Replies
    1. හැක්... දවල් වැටුනු වලේ රෑ වැටෙන්නද කියන්නෙ.

      Delete
    2. දැන් එතකොට ඔය වලට වැටුනෙ රෑත් නැති දවලුත් නැති වෙලාවකද?...

      Delete
    3. අපේ රසික හොඳ ළමයා
      විභාගෙට පාඩම් කරාද ?

      Delete
    4. අනේ රසික කරන පාඩම් අජිත් අයියෙ.

      Delete
    5. @ රසික
      ඔව් ඔව්... දවලුත් නෙමේ, රෑත් නෙමේ.. උදේ වැටුනෙ

      Delete
    6. @අජිත්
      ++++++++++++++++++++

      Delete
  2. හඩන්න
    ඇහේ කදුලු හිදෙන තුරු
    විලාප දෙන්න
    හිතේ දුක නිවෙන තුරු
    දොස් නගන්න
    ඔහුගෙ මතකය මියෙන තුරු
    තව අයෙක් ඇත
    ඔබේ ප්‍රේමය ලැබෙන තුරු....

    ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. ///ඔහුගෙ මතකය මියෙන තුරු
      තව අයෙක් ඇත
      ඔබේ ප්‍රේමය ලැබෙන තුරු....//////
      දුමි....මගේ මෝඩ ජෝක්ස් වලට තරහ ගන්න එපා : ඔය ලියලා තියෙන්නේ අයෙක් කියලද නයෙක් කියලද...

      Delete
    2. පද පෙළට තුති දුමී..
      මේක පුද්ගලික අත්දැකීමකට ලිව්ව එකක් නෙමෙයි.

      Delete
    3. @අරුණ අයියෙ,
      කොල්ලො කෝමත් නයි තමයිනෙ. ඒ නිසා ඔයා කියන එකත් හරි බැලුවම

      Delete
  3. ආපසු හැරුනත් යලිත් හැරිලා බලන්නම හිත කියනව. මේ හිත් මුරණ්ඩුනෙ :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හංසි. මං ඒකයි මතක ටික සේරම හංගල,විසිකරල,අතෑරල ඉන්න හැදුවෙ. එතකොට ආපහු හැරිල බලන්න දෙයක් ඉතුරු වෙන්නෑනෙ

      Delete
  4. ලේ හීන...ඔය ඔතමි කියලා ලියලා තැන දැක්කම මට හිතුනේ වෙන දෙයක්...පොඩි ජොයින්ට් එකක් වගේ ඔතන්න යනවා කියලා :D

    ReplyDelete
    Replies
    1. අරූට මේ කට්ටියට ජොයින්ට් එකක් කියන්නෙ මොකද්ද කියල විස්තර කරල කියන්ට වෙයි. හැක්

      Delete
    2. මොකුත් නොකියත් බෑ........කියලත් බෑ......හැක් හැක්...

      Delete
    3. ඕකනෙ බැරි ඔයාල එක්ක. කොණකින් අල්ලගන්නව ඕනෙ එකක්....මං ජොයින්ට් එක කියන එකනම් දන්නව. මට හිතා ගන්න්න බැරි මේ ගෑල්ලමය මෙච්චර දුකින් කයි කියද්දි ඔයා මොනවට ඔහොම ඒව හිතනවද කියල.
      හිකිස්

      Delete
    4. දරුවෝ....ආදරය, ජීවිතය කියන්නෙම තද කරලා ඔතපු ජොයින්ට් එකක් වගේ. තදවෙලා හිරවෙලා ලබන ආශ්වාදය මහ මෙරක් වගේ. මේ ජොයින්ට්වලට වඩා මා අත්විඳි ජීවිතයයි ඉස්මතු කරේ. මම හිටපු ගමන් ජොයින්ට් එකක් ගහනවා. ඒක කාටවත් හිරිහැරයක් නොවන පොඩි හීනි මානසික ගෝ එකක්. මෙහෙම ලියන්නෙම මම පුහු සදාචරාය අමු අමුවේ විවේචනය කරන එකෙක් නිසා. ඒ තුලින් සියලු විශමාචාරයන් හරි කියන්න තරම් මම ගොබ්බත් නැහැ. දුක කියන්නේ පුකක් ලමයෝ . පොලවට කකුල තියාගෙන ගමනේ යමු.ඔය දරුවාගේ වයසේ දුවෙක් ඉන්න මම කිසිම විදිහකින්වත් දුක දුකක් කියලා හිතන්නේ නැහැ. දුක සැපක් කරගන්න මට වයිෆුයි, දුවයි පුදුම තල්ලුවක් දුන්නා සහ දෙනවා. දිග වැඩිද මන්දා කමෙන්ට් එක.

      Delete
    5. ජීවිතය ගැන බොහොම කෙටියෙන් ලියපු ලස්සන වචන ටිකක් අරුණ මහත්තයෝ...

      Delete
    6. තැන්ක් යු පොකුරු වැසි නෝනේ.
      මිනිස්සුන්ට පොකුරු වැසි එපා වෙලා ඇති මේ වහින වැහි හින්දා :D

      Delete
    7. ඒක නම් ඇත්ත වැහි කියනකොටත් මිනිස්සු හැංගෙන්න හිතෙන තරමට වැස්සේ ඉවරයක් නැහැනේ. හැබැයි "පොකුරු වැහි" කියන්නේ හිතුවොත් නොතෙමී ඉන්න, කැමති නම් තෙමෙන්න පුලුවන් වැහි වර්ගයක්. බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරට (මට මතක විදියට), වැඩපු දවසක පොකුරු වැහි වැටුන කියල තමයි සඳහන් වෙන්නේ. ඇත්තටම මේ නම දැම්මේ ඒක පදනම් කරගෙන :)

      Delete
    8. මම නම් ඔය ඕවට නැහැ. ඔය ජොයින්ට් වලට අහුවෙන්න එපා.

      Delete
    9. අපොයි... දැං කෝමද අරුණ අයියෙ කියන්නෙ...? අරුණ මාමෙ... ජීවිතේ ගැන ඔයාගෙ දර්ශනේට ගරු කරනව.ඔයා ජීවිතේ හුඟක් අත්දැකීම් තියෙන කෙනෙක්නෙ, පිළිගන්න වෙනව ඉතිං. ලස්සනට ලියල තියෙනව ඔයාගෙ හැඟීම. ඒ වුණාට හැබැයි ඔය ඕන්නැති ජාති බොන්නෙපා අනේ. කෙල්ලෙකුත් ඉන්නෝනෙ පෝරුවට නග්ගන්න.

      Delete
    10. නෑ නෑ අජිත් අයියෙ.. ඒ ජොයින්ට් වලට අපිත් නෑ.

      Delete
  5. අනි බූට් එකක් වත් වැදුනද? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. තාමනං නෑ ඉයන් මාමෙ. මාමට පුතෙක්වත් ඉන්නවද... හික් හික්

      Delete
    2. ඉන්නව ඉන්නව හැක්

      Delete
  6. ජෛව විද්‍යාත්මක හේතුවකට වෙන ගැහැණු පිරිමි ආකර්ශණ නිසා තමයි ඔය මතක, හීන, කඳුළු, බූට්, ආදර අන්දර , ඒවට ලියන කවි, ගීත, නිසඳැස්, ඒවා නිසා වෙන සිය දිවි හානි කරගැනීම්, මිනී මැරුම් ඔක්කොම ඇතිවෙන්නේ. තාවකාලිකව ඇහැ රවටන, හිත රවටන මායාවල් විතරයි.

    ReplyDelete
    Replies
    1. කල් ගියාම හැමදේකම හිස්කම්, නිස්සාරකම් පේනව තමයි. ඒත් ඔය ජෛව විද්‍යාත්මක කරුණු උඩ නේන්නං අපේ ජීවිත ගොඩනැගෙන්නෙ.
      මට දුක ඉයන් මාම කොල්ල කාලෙ ආදරේ කරල දැං ඕම කියන එකටනෙ. මේක රෝදයක් වගේ ඉයන්. ඔයාල අත්දැකීම් එක්ක තරුණ පරම්පරාවට කියනව මේක කරන්න එපා, මේක මෙහෙම කරොත් මෙහෙම වෙනව කියල. අපිට එහෙම බෑනෙ... ඒ වලේ වැටිලම ඉගෙනගන්න ඕනෙ. අපි ඉයන්ලගෙ කාලෙදි පොඩි උන්ට කියනව ඉයන්ල අපිට කිව්ව දේම. ඒත් උන් කරන්නෙත් අපි එදා කරපු දේමයි.

      Delete
    2. කථාව නම් ඇත්ත. ආදරේ කරල වැරදිල, කවි සිංදු ලියල දැන් බන කියනව නේද? මට බුදු දහම හමුවුණේ පරක්කු වෙලා. ඒක නිසා පොඩි එක්ස්කියුස් එකක් තියෙනවා. හැක්. තරුණ කාලේ වෙන ධර්මෙක. ඒකේ කිව්වෙ අසල්වැසියාට ප්‍රේම කරන්න කියල. ඒක නිසා එක අසල්වැසියෙක් අතෑරියේ නෑ. (ඒකේ අදහස් ඒක නෙමෙයි කියල දන්නවනෙ. )

      Delete
    3. මේ සාකච්ඡාව බොහොම රසවත් නිසා බ්ලොග් එකට ගොඩ වැදුන මුල් දවසෙම මැදින් ගොඩ නොවී බැරි උනා. ඉයන් කියන කතාව හරි ලේ පාට හීන. ඔයාට ඔයාගේ වයසේ ඉඳගෙන බලද්දී ඔයාට හිතෙන විදියත් හරි. නමුත් ඔයාගේ වයසේ ඈයොන්ට ඒ වයස පහුකරලා ජීවිතය අවබෝධ කරගත්තු මිනිස්සුන්ගෙන් ඉගන ගන්න තියන දේ තමයි ආදරය කරද්දී ජිවිතේ බැඳීම් ඇති කරගනිද්දී, අරමුණු පස්සේ හති දාගෙන දුවද්දී මේ සියලුම දේ තාවකාලිකයි කියන යථාර්තය. ඒකෙ තේරුම ජිවිතේ ගැන කලකිරින්න කියන දේ නෙවෙයි, ජිවිතේ අනියත බව ගැන අවබෝධෙන් ජිවත් වෙන්න කියන එකයි. මොකද අපි එක අරමුණක් ලඟා කරගෙන එතනට ගියාට පස්සේ එතනින් තෘප්තිමත් වෙන්නේ නැහැ. තව එකක් පස්සේ යනවා. ඉයන් කියනවා වගේ බුදු දහම තරුණ කාලෙදිම ජීවිතේට ලං කරහත්තොත් මේ තරගෙට අහුනොවී තමන්ට තමන්වම දකින්න හැකියාව ලැබෙනවා. අන්තවාදී නොවී, කිසිදේක වැඩියෙන් නොඇලී ඉන්න හැකියාව ලැබෙනවා.

      Delete
  7. හඬ හඬා වැලපී වැලපී
    විටෙක ඉකියක සෙමින් සිරවී
    සුසුමක දෙකක ඔහේ පාවී
    නුඹේ මතකය ඉගිල යාවී

    ReplyDelete
    Replies
    1. මතක අමතක වෙලා යාවී
      කඳුලු තෙත වියළිලා යාවී
      ඒත් දවසක නොදැනීම ඔබ
      මතක හිත දෙවනත් කරාවී...

      කියන තරං ලේසියට මතක අමතක වෙන්නෙ නෑ සොමියා

      Delete
  8. ගුලිකරන් නුඹ මතක අතැගිලි අතර
    සිරකරන නැගෙන ඉකි බිදි යා යැයි බියව
    සරසවන් සිනාවක් මුවග ලොවටම
    වසාගමි කදුළු කැට ගිල්වා හද පතුළ

    ReplyDelete
    Replies
    1. මතක ලේසියෙන් ගිනි තියන්න, අමතක කරන්න බෑ.. ඒකනෙ මේ හිතත් මේ කෑ ගගහ කියන්නෙ

      Delete
  9. ගනන්ගන්නෙපා සහෝදරී ඕව ඔහොම තමා.

    ReplyDelete
    Replies
    1. නිකං හිතුණට ලිව්වෙ කසුන් අයියෙ... අත්දැකීමක් නෙවෙයි

      Delete
  10. මට බෑ කෙල්ලට යවන්න හිතෙනවා බොල. අක්කත් බූට් එකක් කාලද හැක හැක .

    ReplyDelete
    Replies
    1. හැක්... යවන්න යවන්න.
      බූට් නෑ බොල. නිකං ලිව්වෙ

      Delete
  11. පළමු ආගමනය...දුක හිතෙන පද පෙලක්...ඒත් මම බූට් කාලා තියෙන විදියට දැන් දුකක් දැනෙන්නෙම නෑ අප්පා..ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා...හැක්...

    ReplyDelete
  12. පළමු ආගමනය...දුක හිතෙන පද පෙලක්...ඒත් මම බූට් කාලා තියෙන විදියට දැන් දුකක් දැනෙන්නෙම නෑ අප්පා..ඒක දැන් සාමාන්‍ය දෙයක් වෙලා...හැක්...

    ReplyDelete
    Replies
    1. ඊශ්‍රායෙල් බූට් රසද

      Delete
    2. පළමු ආගමනෙට වෙල්කම් වේවා කියනව සිරා. මෙන්න ඔයාට ඇනෝ කෙනෙකුත් ඉන්නව. අපොයි එච්චරට බූට් කාලද... කමක් නෑ... Try & try, one day you can fly කියලනෙ පොතේ තියෙන්නෙ. හරියන දවසකුත් එන්නැතෑ.

      Delete
  13. සුන්දර පද පෙළක්...අපූරු ගැලපීමක් ලේ පාට හීන...

    උඹව මං හංගලා මතක දූවිලි අතර
    මකුළු දැල් බඳින්නට ඉඩ හරිමි ඒ අතර
    ප්‍රේමය තිබුනාවෙ ඒ පුංචි ඉඩ අතර
    කිවිසුම් දරා ගමි උඹ ආවත් නිතර...

    ReplyDelete
    Replies
    1. ඉස් ඉස්සරෝම මේ පැත්තෙ ඇවිත්, ජීවිතේ ගැන හරබර කොමෙන්ටුවකුත් කොටල තිබුනෙ. ආදරෙන් වෙල්කම් වේවා කිව්ව ඔන්න පොකුරු වැහි. වයසින්, අත්දැකීම් වලින් පරිණත ඈයොන්ගෙ අවවාද, උපදෙස් හිතට ගන්නෙපැයි අනිවාර්යයෙන්ම.

      Delete
  14. හිත මහ පුදුම තැනක්... මේ වගේ අද්දැකීමක් ලබන ඕනම කෙනෙක් හිතන්නේ, පතන්නේ ක්‍රියාකරන්නේ මේ විදිහට වෙන්න ගොඩක් ඉඩකඩ තියනවා...


    අපූරුයි ලේ.... සුන්දර නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. සංවේදී හිතක් තිබ්බම ගෑණු දරුවොන්ට මෙහෙම ඒවා දරාගන්න වෙනව නිර්මාණි. තැන්කූ කොමෙන්ටුවට.

      Delete
  15. ලස්සනයි................... සුන්දර නිර්මාණයක්.......... හිතට වැදුණා....

    ReplyDelete
    Replies
    1. කුරුටු මෙච්චර දවස් ගංවතුරෙ ගහගෙන ගියාද....? Long time No see

      Delete

  16. //වැලහින්නකව වැලපෙමි
    ප්‍රේමය වංචාවකැයි දන්න දන්නා වුනට කියමි//
    ඔයිට වැඩිය හොඳ නැත්ද? මෙහෙම:

    හිත හදා ගමි
    මා වැනි සොඳුරු කවි ලියන්නියක
    ලබා ගැනීමට නුඹට පින් නැති ලෙසින්
    සුන්දරවූ ප්‍රේමයක් නැවතත් හඹා යන්නට
    මෙමට ඉඩ සැලසු නිසා

    ReplyDelete
    Replies
    1. අජිත් අයියට අපිව මතක් වෙලා... ස්තූතියි මේ පැත්තෙ ආවට.
      ඒම හිත හදාගන්න බැරි එකනෙ වැඩේ අජිත් අයියෙ. ඒම හිත දඩොස් ගාල හැදෙනවනම් අද මෙච්චර ලස්සන සාහිත්‍යයක් අපිට නැතිවෙයි නේ?

      Delete
  17. Replies
    1. ඉස් ඉස්සරෝම මේ පැත්තෙ.... මංනං ඔයා බලන්න ඇවිත් තියනෝ, කොමෙන්ටුත් තියල ගිහින් තියනෝ... ඒ හින්ද මංනං ඔයාව අඳුනනව.
      ස්තූතියි තාරකා

      Delete
  18. බූට් පාරක්ද කියලත් හිතෙනවා,මම හිතන්නෙ ඔබට එහෙම අත්දැකීම් නැතිව ඇති .

    ReplyDelete
    Replies
    1. නෑ හැලප... අත්දැකීමක් නෙමෙයි. නිකමටයි ලිව්වෙ

      Delete
  19. ආදරය තියෙන්නේ විඳින්න..එපමණයි..

    ReplyDelete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...