Friday 13 May 2016

මටත් වෙන වැඩ...!!



දන්නැති වැඩක් අහගන්න මං ඔන්න මගේ ලොක්ක ළඟට යනෝ. එතුමට ඒ අංශෙ අදාල නැති හින්දා මාව අදාල තැනට යොමු කරනව, "අහවලා යාලුවෙක් නේද.. එයාගෙන් අහමුද පුතා" ඒ අපේ සෑර්.

'අහවලා යාලුවෙක් නේද' කෑල්ල මට එච්චර දිරෙව්වෙ නෑ, ඉන්සල්ටිං වගේ මට දැනුනෙ. සමහරවිට එතුම එහෙම අදහස් කරන්නත් නැතුවැති. ඒ වුණාට මට අවුල් ලු ඔන්න.
ඉතිං කට ඉස්සර වෙච්චි.

"මාත් එක්ක හිනාවෙලා කතා කරන හැමෝම එක්ක මං යාලුයි සර්. මූණවත් නොබලන අයත් එක්ක යාලු නෑනෙ, යාලු වෙන්න බෑනෙ"
කිව්වෙ ඔහොම. හිතේ තිබ්බෙ ඉතිං අහවලා විශේෂයක් නෑ සර්, මං එක්ක මනුස්ස පාටට ඉන්න ඔක්කොම ඈයො එක්ක මං සුහදව ඉන්නව, හැබැයි මට තොරං පෙන්නන ඈයොන්ගෙං මං තොරණෙ විස්තරේ අහන්න යන්නෑ කියනෙක.

"....(මගෙ නම )ත් හොඳ කටර් එකක් නේද ආ.."
ඕං අහගත්ත හරිය.
ඇත්ත කියනෙක 'කටර්කොමක්'ද මං අහන්නෙ..? ඇත්තනෙ කිව්වෙ මං ඉතිං.
පූසා වගේ සද්ද නැතුව හිටිය කෙල්ලද යකෝ මේ කියල එතුම හිතුවද දන්නෑ... විලි ලැජ්ජ හතයි මට එකතැන.
මං ඉතිං තවත් මුකුත් නොකිය එතනිං ආව.

ඒ කිව් ටිකනෙ, මේ නොකිව් හරිය... හිතෙං කුටු කුටු ගගා මටම කියාගත්තු හරිය.

කටර් එකක් කියල අදහස් කෙරුවෙ මල් පෙත්තක් වගේ සියුමැලි, හාවෙක් වගේ අහිංසක නෑ කියලද සර්..?

අනේ මං හැමවෙලේම අහිංසක නෑ සර්... මං බොරු අහිංසකකං පෙන්නන්න යන්නෙත් නෑ. අහිංසකකමට මේ ලෝකෙ පැවැත්මක් නෑ සර්.
හාවොයි, කොටියොයි දෙගොල්ලොම කැලේ ඉන්නවනෙ නේ..? කවුද වැඩි කාලයක් ඔලුව බේරං ජීවත් වෙන්නෙ../ කොටියනෙ සර්.
අහිංසක වුණාම මිනිස්සු ඔලුවට අත හෝදනව සර්. විසේසෙං කෙල්ලො අහිංසක වුණාම, ලෝකෙ ජීවත් වෙන්න බෑනෙ සර්.
නයා වුණත් වුවමනා තැනදි පෙනේ කෙරුවෙ නැත්තං ගෑනු දර මිටි බඳින්න ගන්නව කියල සර් අහල නැතුව ද...

මේක ඉතිං එතන කියා ගන්ට බෑනෙ, තව ඉවැලුවේෂන් පාර්ට් එක ඉවර නෑනෙ.. හික් හික්.

37 comments:

  1. ඇතැම් කාන්තාවන් වහා ගිණිගන්නාසුළුයි. ලේ.පා.හී ත් එහෙමද දන්නෑ මොලේ..
    හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒකනං හරියටම හරි ගස්... හැබැයි ගිනි ගත්තට වඩා ඉක්මණට නිවෙනව. හැක්

      Delete
  2. ඉවැලුවේෂන් ලොක්කන්ගේ අවිය

    ReplyDelete
    Replies
    1. No Ivaan..I am in a training. Training period of university schedule for few months. So evaluation is a must. Sorry for the language..

      Delete
    2. oops , sorry .... yeah then it is a must .

      Delete
  3. මලා ! මඩුවෙ තියෙන දර මිටි කුස්සියට විසි කරන්නේ මමයි. පෙනේ නොකරපු එවුන් ඉදියිද ? හහ්..

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ඉන්ට පුළුවන් දුමියා. බය වෙන්ට එපා, එවෙලෙ පෙණේ කරල නෑනෙ, සිල් අරන්. ඔයාටත් ගින්නක් නෑ.

      Delete
  4. ඒක ලොක්කගෙ දැක්ම
    මේක ඔයාගෙ දැක්ම
    අපි දෙගොල්ලම ඉස්සරෝම කරන්නෙ පිටිං බලල ගෙඩිය හොදයි කියල හිතන එක නේද. ගත්තට පස්සෙනෙ දන්නෙ මොන වගේද කියල ඒ වගේ තමා හුගක් අය අර කතාවක් තියෙයි නෙ පොතක කවරයක් දිහ බලල පොත ගැන විනිශ්චය කරන්න එපා කියල පුද්ගලයන්ට සම්බන්දවත් ඒක අදාලයි මම හිතන්නෙ

    මංද මට හිතුණෙ ඔහොම

    ReplyDelete
    Replies
    1. /අපි දෙගොල්ලම ඉස්සරෝම කරන්නෙ පිටිං බලල ගෙඩිය හොදයි කියල හිතන එක නේද. ගත්තට පස්සෙනෙ දන්නෙ මොන වගේද කියල/
      මේකනං ඇත්ත මහේෂ් අයියා..
      එනිවේ, මං අවවාදයක් ගාණට ඔයාගෙ කොමෙන්ටුව හිතට ගන්නම්කො.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. ඔයාටත් වෙන වැඩ....

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ නිර්මාණි. හැබැයි ඇත්තනං කියන්න සිද්ද වෙනව.

      Delete
  7. //හොඳ කටර් එකක් //
    කටත් ඕනේ වෙන වෙලාවල් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලලිත්. හැම වෙලේම අහිංසක වෙන්න බෑ... කටත් ඕනෙ ඔලුව බේරගන්න. හැබැයි අවස්ථානුකූලයි.

      Delete
  8. බොරුවට අහිංසක වෙනවට වඩා ඔහොම ඉන්න එක හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. හැම වෙලේම හාව වෙලත් බෑ...හැම වෙලේම කොටිය වෙලත් වෙලත් බෑ හැබැයි නේද සිතූ... බොරු මැවිලි නං නෑ ඉතිං.

      Delete
  9. අහිංසක ඈයෝ තමා යටි නුලෙන් ගේම දිලා හදිසි වෙසක් පෙන්නන්නේ...හැක් ඕන තැනදි අවැසි දේ කතා කරලා කට පියන් තමන්ගේ වැඩේ හරියට කරන ඈයෝ කොහෙත් එක විදිහයි කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න සපෝර්ටර්ස් ලා. ඒනං මං කරපු දේ හරිනෙ. ඇත්ත කිඹුලි. /ඕන තැනදි අවැසි දේ කතා කරලා කට පියන් තමන්ගේ වැඩේ හරියට කරන/ මේකනෙ වෙන්න ඕනෙ

      Delete
  10. ඔන්න ඔහේ ඕන එකක් කියලා කියලම බලන්න තිබුනේ හිත හිතා හිටිය ටික.

    ReplyDelete
    Replies
    1. බෑනෙ දිනේෂ් අයියා, මොනා වුණත් මට වැඩිමල්නෙ. වයස ගැන හිතන්නෙපැයි මොනා වුණත්, වැඩිහිටිකමට ගරු කරන්නෙපැයි. සාමාන්‍යයෙං මං ඒක සලකනව.
      අනික මගෙම ඉමේජ් එකත් රැකගන්ට එපැයි... නැද්ද මං අහන්නෙ.

      Delete
  11. Replies
    1. මොකෝ තා ෆුග් කියන්නෙ? පාඩම් කරපියෝ....

      Delete
    2. මලයා පාඩම් කරහන් විභාගය ලග නේද

      Delete
  12. හපෝ training. අපේ වැඩ බලන්න හිටියෙ ඩොකෙක්. පාඩුවෙ වැඩ කරගෙන හිටියෙ ඒත් පස්සෙ එපාම උනා.වලි නොදා හිටියෙ බොහොම ඉවසීමකින්. ඕනවට වඩා අහිංසක වෙලත් බැහැ,කෑ ගහල රණ්ඩුවට ගිහිනුත් බැහැ ඒකත් එක්තරා මැදුම් පිළිවෙතක් ;)

    ReplyDelete
    Replies
    1. ඇත්ත හංසි. මැදුම් පිළිවෙත කෝකටත් අගෙයි

      Delete
  13. එක වචනෙකින් දෙකකින් පුළුවන් කෙනෙකුට තව කෙනෙක් හිතන් ඉන්නා ප්‍රතිරූපය වෙනස් කරන්න. එත් හිතින් මුලින්ම ප්‍රතිරුප මවා ගන්නේ පිටින් පෙන ස්වාභාවය අනුවනේ, ඔය පුරවා නිගමනවලට එලම්බිල්ල මනුස්සයෝ ගැන සෑහෙන්න දුරට වෙනස් කරන්න වෙනවා පසු කාලෙනව, හැක් මොක උනත් ලොක්කනේ, තැනෙ හැටියට අනේ ගහගෙන ඉන්න තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සොමියා... එක වචනෙකින් සම්පූර්ණ ඉමේජ් එකක් නැතිවෙන්නත් පුලුවන්, ඇති වෙන්නත් පුලුවන්. මං ඇවිත් ඉන්නෙ වවුලගෙ ගෙදරනං එල්ලිලා ඉන්න වෙනවනෙ නේ?

      Delete
  14. කතාව කියාගෙන යද්දි මටත් මතක් වුණේ අර දරමිටි කේස් එකම තමා... මං ඕක අපේ ගෙදරඋන්දැටත් කියනවා........ තව ඕකටම ගැලපෙන කතාවක් තියෙනවා මෙන්න මෙහෙම

    //හිතහොද ගෑණි හැමදාම බඩින්//

    ReplyDelete
    Replies
    1. ලියද්දි මට ඔය උපහැරණෙත් මතක් වුණා කුරුටු....

      Delete
  15. 64 න් එකක් දාන්න තිබ්බා හැක හැක

    ReplyDelete
    Replies
    1. හැට හතරක්මනෙ සලිත.. එවෙලෙ හදිස්සියට කෝකද කියල හිතාගන්න බැරි වුණා... හිකිස්

      Delete
  16. මම යාළු කෙල්ලට ඒ කියන්නේ "සුදුට"මම ඒ දවස්වල කිව්වා මම කැමති වුනේ ඔයාගේ අහිංසක කමට කියලා.ගත් කටටම මෙයා කියාපි "අනේ මේ මම අහිංසක නැහැ" කියලා.

    ReplyDelete
    Replies
    1. අන්න පේනවනෙ, කෙල්ලො බොරු කියන්නෑ... අහිංසක වෙන වෙලාවලුත් තියෙනව ඉතිං. සුදූට කියන්න ග්‍රේට් කෙල්ලක් කියල. බොරු මොකටද, ඇත්තම කියල දාල.

      Delete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...