Saturday 4 June 2016

හීන- හරි/වැරදි හීන

ප.ලි. නොව, මුලින්ම ලියමි.
බස්සී මේ හැඩයට ලියූ කෙටි කූරු කොණ්ඩයක සිහිනයක් ගැන ලියමනක් කියවීමි. එදා ඉඳන් ඒ අකුරු හිතේ ඒ මේ අත පෙරලි පෙරලී තියෙන්නේ ය. හැම අතටම පෙරල පෙරලා රස බැලීමි.
ලීවේ ඒ හැඩයට ය. කොපි කරන්නට නොව බස්සි අක්කේ, ඒ ලියමනේ රස ඉවසාගන්ට බැරි හින්දා ය..
ඔබේ ලියමනේ අහලකින් තියන්නටවත් බැරි යැයි හිතෙන්නට පුලුවන. ඒ හින්දා සොරි කියන්නට ඕනෑ ය. අදාල නෑනේ යි ඔබ කියන්නටද පුලුවන.


අතින් අත අල්ලන් යන්තමට
යද්දි මඟතොට,
කාටවත් නොපෙනීම,
ඔය මට දුරින් උනත් දැනෙන
හරි උණුහුම පපුවට
කිටිකිටියේ තුරුලු වෙන්ට
හිතෙන එක මහ වරදක්ද....?

දෙනෝදාහක් ගැවසෙන
රතු මැයි පියල්ලක් යටින්
මලක් වගේ පරිස්සමට එක්ක යද්දි මාව,
ඔය යෝධ අත්බාහුව බදාගෙන
ඉඹින්නට හිතෙන එක වරදක්ද,
ඒ කියන්නෙ
නලා සන් කරං නවත්තන්නම වරදක්ද....?

හැම ඇහැක්ම අහක බලන ඇසිල්ලක
හදිස්සියේ නළලත හාදුවක් තියද්දි නුඹ,
බදාගෙන ගෙල-
ගිනිගන්න දෙතොල් මේ
ඔය දෙතොල් උඩ තියන එක
වටපිට තියෙන ඇස් සේරෝම
අඹරලා බලන තරමෙ වරදක්ද...?

පෙම්වතියකගෙ චරිතෙක එතකොට
තියෙන්නම බැරුවද
නුරා ඇස් උස්සා බලා
නුඹ ගිනි තියන බැල්මක්...?
තියා මේ ලය මත,
නුඹ සනසවන්නට කැක්කුමක්...?

මං අහන්නෙ කොටින්ම
දහ අවුරුද්දකට පස්සෙත්,
පෙම්වතියකට තියෙන්න බැරිද
තුරක් වට එතෙන-
එති එතී සැනහෙන
ලියවැලක් වෙන්න හීනයක්....?

27 comments:

  1. මෙහෙ නම් පෙම් කෙලින ෆ්‍රී ෂෝ බලල බලලම එපා වෙලා බන්.. දැන් නිකන් දැක්කත් නොදැක්ක වගේ ඉන්නව. ලොල්..

    ReplyDelete
    Replies
    1. අපොයි මෙහෙ එහෙම බෑ ටිලාන්. අතින් අල්ලගත්තත් බයයි කොයිවෙලේ විසිල් කරාවිද කියල. ප්‍රේමවන්තයින්ට ප්‍රසිද්ධ තැන්වල හැසිරෙන්ට සීම තියෙන්න ඕනෙ, පිළිගන්නව.ඒත් මෙහෙ මූලික අයිතිවාසිකම්වත් නෑ මට දැනෙන්නෙ

      Delete
  2. පෙම්වතියකට බිරිඳකට හැමදාම සැබෑ කරගන්ඩ ඕන වෙන හීනයක්

    ReplyDelete
    Replies
    1. බිරිඳකට පුළුවනි අක්කා.. මේක පෙම්වතියකගෙ හීනයක්. අපිට සීමා එමට.

      Delete
  3. හරිම රසවත් පද පෙළක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි

      Delete
  4. අපූරුයි ලේපාට.... අගෙයි..

    ReplyDelete
  5. Replies
    1. No way Kamiya.. I can"t reach her. She is very talented writer. I am still a little baby when comparing with you guys. Anyway thank you

      Delete
  6. ඔය අපූරු කවි හිත මතුකරපු ඒ සුන්දර මිනිසාට පිං.....

    ReplyDelete
    Replies
    1. මග යන එන අයට හොරෙන්
      ඔබෙ දෑසට එබී බලා
      කොපුලේ වැහි බිඳුවක රස
      බලන්න තිබුනා...

      Delete
    2. ස්තූතියි රසික මල්ලි.

      බලන්න තිබුණ, ඒත් බාධක වැඩියි බ්‍රෝ.

      Delete
  7. ඔයා අසාදාරනයක් කරල නෑ. ඔය තියෙන්නෙ අගේට.

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම කියනවනම් සතුටුයි කසුන් අයියෙ. මං මේක publish කරන්න කලින් මාර විදියට කල්පනා කලා. නොදා ඉන්නත් හිතුණ බස්සි අක්කටත් හරි නෑනෙ කියල. ස්තූතියි හැමදාමත් වගේ මට හයිය ගේනවට

      Delete
  8. අක්කණ්ඩි නියම කවි පෙළක්. කාටද ලිව්වේ? ඔහු ලංවේවි ඔබට නිසි ලෙස සමාජය පිළිගත් පරදි ඔබව ලබා ගත් දවසට.

    ReplyDelete
    Replies
    1. ලිව්වෙ මෙන්න මෙයාට. කියවල බලන්නකෝ...
      http://lepataheena.blogspot.com/2016/03/blog-post_57.html
      http://lepataheena.blogspot.com/2016/04/blog-post_4.html

      හිත පිළිගන්නෑනෙ, එක එක දේවල් හිතනව.

      Delete
    2. gihin baluwa hodinma wisadewi

      Delete
  9. අපූරුයි ඈ.කිසි ප්‍රශ්නයක් නෑ ගහක් වට එතන වැලක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලප.. එතෙන්න, එති එතී සැනහෙන්න තවත් ටිකක් කල් ඉවසන් ඉන්න වෙනෝ... හැක්

      Delete
  10. උත්සහයට ජය! හරිම අගෙයි නංගී

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිඹුලි අක්කා....

      Delete
  11. ' යෝධ අත් බාහුව ' ඒ කියන්නේ මේ යෝධ ජෝඩුවකගේ ආදරයක්... හැක්... හැක්....

    ලස්සනට ලියලා තියෙනවා. ඇත්තටම ගහයි වැලයි වගේ අවුරුදු දහයක් නෙවෙයි හැමදාම ඉන්න හැකිනම් එයයි වටින්නේ...
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මංනං යෝධ.. එයා යෝධ නෑ.. හිකිස්...
      ඒම එති එතී මැරෙනකල්ම ඉන්න තමයි ඉතිං හීන දකින්නෙ. බලමුකෝ නේ දුමී අයියෙ.

      Delete
  12. එදා:- හ්ම්..........මමත් ඔහොම ගිය හැටි මතකයි. මට හොඳහැටි මතකයි.

    අද:- කබාය ඉරිලා ඊට කමක් නැහැ.......................

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම ඒවා දාන්න ඕනෙ ඉතින් විචා මාමලට අතීතෙ මතක් වෙන්න. දාන්නකො අප්ප ඒ කාලෙ කතාවක් පෝස්ට් එකක් කරල

      Delete
  13. හරිම අපූරුයි...ලස්සන පද පෙළක්...

    ReplyDelete

ඔයාගෙ හීනත් මෙතනින් තියල යන්න...